( රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන නීති විරෝධී කොටි මහවිරු සැමරුම් තහනම් කරන ලෙස ඉල්ලු තහනම් නියෝගය ලබා දීම සම්බන්ධයෙන් තීරණය හෙට (23) ලබා දීමට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා අද (22) තීරණය කළේය.
යාපනය කෝපායි පොලීසියෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙම තහනම් නියෝගය ඊයේ (21) ඉල්ලා තිබිණි.
අදාළ තහනම ලබා දීමට නම් හෙට (23) අවශ්‍ය හේතු හා වාර්තා විධිමත්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා කෝපායි පොලීසිට දැනුම් දුන්නේය.
නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති මහවිරු දිනය උතුරේ වෙනත් ප්‍රදේශයන්හි සාමාන්‍ය අයුරින් සිහිපත් කලද යාපනය විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන මහවිරු සැමරුම් වෙනුවෙන් සෑම වසරකට කොටි සංවිධානයේ ධජය හා කොටි නායක ප්‍රභාකරන්ගේ ඡායාරූප හෝ ඊලාම් සිතියම යොදාගනිමින් නීති විරෝධීව කොටි සංවිධානයද ප්‍රවර්ධනය කරමින් සැමරීම් සිදු කරන බැවින් එම කටයුතු තහනම් කරන ලෙසට කෝපායි පොලීසිය විසින් මෙම තහනම් නියෝගය ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහවිරු දින සැමරුම තහනම් කරන්නැයි කෝපායි පොලීසිය අධිකරණයෙන් ඉල්ලයි
Reader Friday, 23 November 2018 02:46 AM
ලෝකයේ මොන රටේද ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ සිතැඟි ලෙස දින සැමරීමට දෙන්නේ ? බලන්න ඇමෙරිකාව , ඕස්ට්‍රේලියාව, යුරෝපය, එංගලන්තය වැනි රටවල ත්‍රස්තවාදීන්ට නිදැල්ලේ සිටීමට හැකියාවක් නෑ ඔවුන් තම ජීවත්වන රටට ද්‍රෝහී වූවන් ලෙස සලකා හැකි උපරිමයෙන් දඬුවම් ලබාදෙනවා. ලංකාවට මහවිරු දිනයක් කිසිසේත් අවශ්‍ය නෑ, අනිවාර්යයෙන් ත්‍රස්තවාදී සැමරුම් තහනම් කල යුතුයි , අදාළ පාර්ශවයන්ට නිසි දඬුවම් ක්‍රියාත්මක කලයුතුයි.