IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහර සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු ඩී.එන්.ඒ. පරීක්ෂණයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මිය ගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය හඳුන් විජයවර්ධන මහතා විසින් ඩී එන් ඒ පරීක්ෂණ සඳහා එම රැඳවියන්ගේ රුධිර හා කෙස් සාම්පල ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

ඊටඅමතරව සියලුම මෘත  ශරීරවල  ඡායාරූප  හා ඇඟිලි සලකුණු  ලබා ගෙන ඇතිබව ද ඒ මහතා කීය.

ඒවා ලබාගෙන ඇත්තේ පසුකාලීනව හෝ  ඕනෑම අවස්ථාවක හඳුනා ගැනීමට බවද,  මෘත ශරීර කාගේදැයි  නිශ්චය කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම දත්ත මේ වන විට ලබා ගෙන ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

මෘත ශරීර 7ක් හඳුනාගෙන ඇතැයි ද 4 ක පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර තිබෙන බවද එකම මළ සිරුරක් හෝ ආදාහන කිරීමක් හෝ වැළලීමක්   සිදුකර  නොමැති බවද ඒවා  රාගම රෝහලේ  අධිශීතකරණ වල සුරක්ෂිතව තැන්පත් කර තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මහර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 146  දින පුද්ගල ප්‍රකාශ ලබා ගෙන  ඇතැයි ද ඒ අනුව වෛද්‍යවරුන් 12 දෙනකු ,බන්ධනාගාර නිලධාරීන් 54 දෙනකු ,හෙද නිලධාරින් 7 දෙනකු හා රැඳවියන් 73 දෙනකුගේ ප්‍රකාශ ලබාගෙන ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

මහර සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ සිරුරු ඩී.එන්.ඒ. පරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site