(නිශාන්ත කුමාර)
මහියංගනය ජාතික පාසල ඉදිරිපිටදී අද (17) සිදුවූ අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපමත නිදහස් කිරීමට මහියංගන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
බස් රථයේ රියදුරුට සැප්තැප්තැම්බර් මස 05 වැනි දින යළි උසාවිය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත පිටත්කර යවා තිබේ.
මියගිය පුද්ගලයින් සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) මහියංගනය රෝහලේදී සිදු කරනු ලැබූ අතර සවස 6.00 පමණ වන විටත් එම කටයුතු අවසන් නොවූ බව මහියංගනය පොලිසිය සඳහන් කළේය.
අනතුරට පත්වූ වෑන් රථයේ සිටි පිරිස මඩකලපුවේ සිට ජා ඇල සිටින ඥාතීන් පිරිසක් බැහැදැකීමට ගොස් නැවත සිය ගම් පෙදෙස බලා එමින් සිට ඇත.
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මහියංගනය අනතුර සිදුකළ බස් රථ රියදුරාට ඇප
විරාජ් Wednesday, 17 April 2019 02:21 PM
නින්ද ගිහින් ඒ මනුස්සයාගේ බස් එකේ හැප්පුනාට මොනා කරන්නද.. මිය ගිය අයට නිවන් සුව..
roseWednesday, 17 April 2019 07:31 PM
නඩුකාරයා එහෙම කිව්වා නම් කැකිල්ලේ තීන්දුවක් තමයි ඒක. පත්තරේ ඔහොම ලිව්වා නම් ඒත් තව කැකිල්ලේ උන්දෙක් තමයි ලිව්වේ...
චමින්දThursday, 18 April 2019 01:17 AM
වෑන් රථයේ රියදුරා නින්දෙන් වැරදිපැත්තේ ධාවනය කර තිබේනම් බස් රියදුරා අත්අඩංගුවට ගැනීමේ සාධාරණයක් තිබේද.ඔහු අනතුරක් වලක්වා ගැනීමට බසය නවතාගෙන සිටියත් මෙය සිදුවිය හැකියි
samThursday, 18 April 2019 07:17 AM
එහෙම තියෙද්දීත් "මහියංගනය අනතුර සිදුකල බස් රියදුරා" කියලා හඳුන්වන්නේ සදාචාරය දෝරේ ගලන නිසා වෙන්න ඇති..
Amila Wednesday, 17 April 2019 05:35 PM
අනිත් පාර්ශවයෙන් සහ පොලීසියෙන් විරෝධතා නැත්තම් අනිවා ඇප දෙනවා. අර ඊයේ පෙරේදා අර ක්‍රීඩකයට ඇප දුන්නට උඩ පැන පැන හිටපු අයට ඉගෙනගන්න තව හොඳ සිද්ධියක්....