සිතුම් චතුරංග
කිලිනොච්චිය,පලෙයි, මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කරන ප්‍රදේශයේ තිබි හමුවූ එල්.ටි.ටි.ඊ සංවිධානයේ සාමාජිකයකුගේ බවට සැකකෙරෙන අස්ථි කොටස් හා අවි ආයුධ තිබූ ස්ථානයේ වැඩිදුර පරීක්ෂණ සඳහා අද (26) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ටි. සරවණරාජා මහතා ඉදිරියේ කැණීම් ආරම්භ කරනු ලැබීය.
අද දින කැණීම් සිදුකිරීමේදී මිනිස් සිරුරක අස්ථි කොටස් කිහිපයක් සමඟ දිරාපත්වූ ටි.81 ගිනි අවි තුනක් , ටි 81 මැගසීන් 8 ක් ජීව පතරොම් 75 , එල්.ටි.ටි.ඊ සංවිධානයේ නිල ඇඳුමක් ,අත්බෝම්බ පින් දෙකක් හා එල්.ටි.ටි.ඊ සාමාජිකයින් ගෙල බඳින හදුනාගැනීමේ අංක තහඩුවක් එහිතිබී හමුවූ බව කැණිම් සිදුකළ පොලිස් කණ්ඩායම් පැවසීය.
මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරත පිරිසකට එල්.ටි.ටි.ඊ සංවිධානයේ නිල ඇදුම් , ආයුධ කොටස් කිහිපයක් සමඟ මිනිස් අස්ථි කොටස් පසුගිය 21 වැනිදා හමුවී තිබු අතර ඒ පිළිබඳ මහෙස්ත්‍රාත්වරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ තවත් අස්ථිකොටස් තිබේද යන්න සොයාබැලීම සඳහා අද දින කැණිම් සිදුකරන මහෙස්ත්‍රාත්වරයා පොලිසිය වෙත උපදෙස්දෙනු ලැබීය.
ඒ අනුව පස්වරු 02.00 සිට කැණීම් ආරම්භ කළ අතර හමුවූ එල්.ටි.ටි.ඊ සංවිධානයේ නිල ඇඳුම් හා ගිනිඅවි හා අවිකොටස් ආරක්ෂිතව ඉවත් කිරීමටද පියවරගනු ලැබූ අතර හමුවූ අස්ථිකොටස් කිලිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරනනු ලැබීය.
හමුවූ අස්ථි කොටස් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පොලිසිය පැවසූයේ අදාල ස්ථානය පසුගිය යුද සමයේ ත්‍රස්තවාදීන්ගේ භූගත බංකරයක් වියහැකි බවට සැකපලකරන බවත්ය.
කැණීම් කළ ස්ථානයේ අස්ථි කොටස් හා ගිනි අවි කොටස් හමුවී අවසන් වීමෙන් අනතුරුව කැණිම් කළ ස්ථානය යළි බිම්බෝම්බ ඉවත්කරන කණ්ඩායම් වෙත බිම්බෝම්බ ඉවත්කිරීම සඳහා භාරදෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
එම ස්ථානය කැණීම් සිදුකිරීම සඳහා බෝම්බ නිශ්ක්‍රීය අංශ , පුරාවිද්‍යා නිලධාරීන් ,පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හා අධිකරණ හා රාජ්‍ය නිලධාරීන්ගේ විශාල පිරිසක් සහභාගීවී සිටියහ.
හමුවූ අස්ථිකොටස් පිළිබඳ විමර්ශන වාර්තාව ජුනි මස 02 වැනිදා කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියම කළේය.
පලෙයි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




2025 දෙසැම්බර් මස 18
583
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහමාලේ අස්ථිකොටස් හමුවීම සම්බන්ධ කැණීම්
මුණසිංහ Tuesday, 26 May 2020 03:18 PM
මෙහෙම එ්වා උතුරේ හැමතැනම අැති... හමුදා රණවිරුවන්ගේ සිරුරුත් ඔය අතර අැති...
CHANDIMA Tuesday, 26 May 2020 03:54 PM
පෙනෙන විදියට තුවාල වුනු තමන්ගේ සාමාජිකයින්ට අරගෙන යන්න බැරි නිසා, වෙඩිතියලා මරලා, වළදාලා තමයි කට්ටිය පැනලා ගිහින් තියෙන්නේ?