
( රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ මුහමාලෙයි ප්‍රදේශයේදී බිම්බෝම්බ ඉවත්කරමින් සිටි රාජ්‍ය නොවන සංවිධානයකට මිනිස් අස්ථි කොටස් කිහිපයක් සමගින් කොටි ත්‍රස්ත නිලඇඳුම් සහ ආයුධ කිහිපයක් හමුවී ඇති බවට පොලීසිය පවසයි.
මුහමාලෙයි ප්‍රදේශයේ මේ දිනවල යුද සමයේදී වලදමන ලද බිම්බෝම්බ ඉවත්කිරීමේ කාර්යේ නිරත රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයින් පිරිසක් විසින් අදාල ස්ථානයේ පොළවේ කැණීමක් සිදුකරන අවස්ථාවේදී මිනිස් අස්ථි කොටස් සහ ආයුධ තොගයක් හමුවීමෙන් මේ පිළිබඳව පලෙයි පොලීසියට දැනුම් දී ඇත.
එහිදී පලෙයි පොලීසිය විසින් අදාල ස්ථානයට පැමිණ සිදුකරන ලද වැඩිදුර සෝදිසි කිරීම් වලදී මිනිස් හිස්කබලකට සමාන අස්ථි, තවත් ඇටසැකිලි කිහිපයක්, කොටි ත්‍රස්තයින්ගේ නිඇඳුමක්, ආර්.පී.ජී. ගිනිඅවියක්, ආර්.පී.ජී. උණ්ඩයක් සහ උණ්ඩ රඳවනයක් සොයාගනු ලැබීය.
යුදසමයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයකින් මිය ගිය කොටි සාමාජිකයෙකු මෙම ස්ථානයේදී ආයුධත් සමග වළදමා ඇති බවට පරික්ෂණ සිදුකළ පොලීසිය සැකපල කර සිටියි.
කෙසේ වෙතත් අදාල ස්ථානයේ තිබී හමුවූ අස්ථි කොටස් හා ආයුධ පිළිබඳව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති අතර අධිකරණ නියෝග යටතේ තවත් අස්ථි සහ ආයුධ ඇත්දැයි යන්න සෙවීමට මෙම ස්ථානයේ වැඩිදුර කැනීම් සිදුකිරීමට නියමිත බවටද පරික්ෂණ සිදුකරන පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
මීට පෙරද අවස්ථා කිහිපයකදීම මුහමාලෙයි ප්‍රදේශයේදී වළදමා තිබූ මිනිස් අස්ථි කොටස් , ආයුධ රැසක්ම හමුවී තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd