(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් වසරේ සිදුකරන ලද මහාමාර්ග ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීමට නොහැකිව රුපියල් කෝටි 4381 ක පමණ හිඟ බිල්පත් මහාමාර්ග අමාත්‍යාංශය සතුව පවතින බව මාර්ග හා මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දි ඇත.
ඉකුත් වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට ගෙවීමට මුදල් නැතිව ගොඩගැසී ඇති බලපත් පිළිබඳව කැබිනට් මණ්ඩලයට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මෙම දැනුම් දී තිබේ.
දේශීය අරමුදල් යටතේ කරක ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි 2996 ක හිඟ බිල්පත්ද විදේශීය අරමුදල් යටතේ කරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි 1385 ක හිඟ බිල්පත්ද ගෙවීමට ඇතැයි ඇමැතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.
අමාත්‍යාංශයට හිඟ වසරේ ලැබුණු ප්‍රතිපාදනවලින් මෙම හිඟබිල්පත් ගෙවීමට උත්සහ කළද වියදම් ප්‍රමාණය ප්‍රතිපාදන ඉක්මවා ගිය බැවින් ගෙවීමට නොහැකි වී ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී ඇත.
COMMENTS
ගෙවීමට ඇති ආයතන හා පුද්ගලින්ගේ විස්තරයක් දෙනවානම් මහජනයාට වැටහා ගැනීමට පහසුවේ යන්න මගේ හැගීමයි.
මෙම මුදල් ගෙවීමට පෙර හිටපු මහා මාර්ග ඇමතිවරයාත් වත්මන් ඇමතිවරයාත් එකම දිනක මෙම ගනුදෙනු සනාථ කළ යුතුයි පාර්ලිමේන්තුවේදී. මොකද මෙම මුදල් ගෙවන්න පසුගිය රජය ජනාධිපතිවරණයටපෙර මුදල් අනුමත කරගත්තලු. ඒ වගේම මෙම රජය කියනවා පසුගිය යහපාලන රජය කිසිම වැඩක් කළේ නැහැ කියා. වැඩ කළේ නැත්නම් මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී හිටපු ඇමතිවරයාත් වත්මන් ඇමතිවරයාත් කරුණු ඉදිරිපත් කරන්න.
එතකොට අතුරු සම්මත ගිණුමට මේ විස්තර ඇතුලත් වෙලා නැද්ද
යහපාලකයෝ ජනතාවට විතරක් නොවෙයි හැම පැත්තටම පොලු තියලා ගිහිල්ල තිබෙන්නේ.
මේ සියලුදෙනාම තමතමන් අදහන දේශපාලන පක්ෂය මත අදහස් ඉදිරිපත් කරනවා විනා සත්‍ය කුමක්ද කියා ප්‍රකාශ කර නැත.