( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජුනි 20 පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙවන දිනයටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම මේ වන විටත් සිදු කෙරෙමින් පවතී.
මෙම පෙත්සම් හත බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(19) පෙරවරුවේ 10.00ට දෙවන දිනයේත් ආරම්භ වූයේ 501 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ ශාලාවේ මීටරය දුර පරතරය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විවෘත අධිකරණය හමුවේ අසුන් ගනිමිනි.
මෙම අධිකරණය ශාලාව සාමාන්‍යයෙන් පෙත්සම් විභාගයට නොගන්නා අධිකරණ ශාලාවක් වන අතර එය උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සිය ධුර වල දිවුරුම් දීම සදහා භාවිතා කරන , 700 කට ආසන්න පිරිසකට අසුන් ගැනීමට හැකියාව ඇති උපරිමාධිකරණය සංකීර්ණයේ පිලිගැනීමේ ශාලාව වේ.
විවෘත අධිකරණ නඩු විභාගයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, රටේ පවතින දැඩි සෞඛ්‍යාරක්ෂිත පිලිපැදීම් වලට අනුව නඩුව සභාගිවන සියලු පාර්ශවකරුවන් ගේ නීතිඥවරුන් සහ අනෙකුත් නීතීඥවරු සහ සියලු පිරිස් මීටරය පරතරය ඇතිව එම අධිකරණ ශාලාවේ අසුන් ගෙන සිටීම විශේෂත්වයකි .
මෙම පෙත්සම් දෙවන දිනයට අද (19) කැදවූ අවස්ථාවේ පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ඒ මහතාගේ නීතිඥ විරාන් කොරයා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.
නීතිඥ විරාන් කොරයා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක නොඉක්මවන කාලසීමාවක් තුළ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට විධිවිධාන සලසා තිබෙන බවයි.
ඒ අනුව ඉකුත් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් මාර්තු මස 2 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව ජුනි මස දෙවන දා ට පෙර රැස්කිරීම ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව අත්‍යවශ්‍ය කරුණක් බව ද නීතිඥ කොරයා මහතා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහමැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනයටත්
banda Tuesday, 19 May 2020 07:50 AM
ඔය බයිලා පෙත්සම් අපිට එපා. පරණ අයව පන්නලා දාන්න අපිට මහ ඡන්දේ ඕන.
kamalTuesday, 19 May 2020 12:26 PM
පාර්ලිමේන්තුව අලුත් උනාට පරණ අයම තමයි ආයෙත් එන්නේ.
අබිලින් සිංඤෝTuesday, 19 May 2020 01:14 PM
බණ්ඩයියා! පරණ අයව පන්නලා පත්කරන්න වෙන්නෙත් ඒ පිරිසෙන් වැඩි දෙනෙකුත් අළුත් මුහුණු කීපයකුත් පමණයි. අවුරුදු 72 ක් ම අපි කළ මෝඩ වැඩ මෙවර නැතිවේවි කියන්නේ කොහොමද?