IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහමඟදී අතක් කපා පළාගිය දෙදෙනා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කහපොල පොල්හේන හන්දිය ආසන්නයේදී තියුණු ආයුධයකින්  පුද්ගලයකුගේ අතක් වෙන්වන  සේ කපා කකුලකට ද බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා දින 10කට පසු කැස්බෑව හංදියේ  දී ඊයේ  (20) අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි .

මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබුවේ අනුර සිල්වා නැමැති 42 හැවිරිදි පුද්ගලයෙකි 

සැකකරුවන් දෙදෙනා සහ බරපතළ තුවාල ලද  පුද්ගලයා මිතුරන් වන අතර මීට සති දෙකකට පමණ ඉහත දී තුවාල ලද  පුද්ගලයා ඔහුට අයත් තීරෝද රථ ය  රුපියල් එක්ලක්ෂ 10000ක මුදලකට ත්‍රීරෝද රථ සහ යතුරුපැදි උකසට ලබාගන්නා  මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කොළමුන්නේ බබා නොහොත්  සුලෝචන නැමැත්තාට උගසට තබා මුදල් ලබාගෙන තිබූ බව පොලිසිය කියයි .

එම සිද්ධියෙන් අනතුරුව රුපියල් 5000 ක මුදලක්ද  තුවාල ලද පුද්ගලයා ප්‍රධාන සැකකරුගෙන් ඉල්ලාගෙන   තිබු අතර ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර  ජංගම දුරකථනයෙන්  සිදු වූ බහින් බස් වීමකින් අනතුරුව මෙම පහරදීම සිදු කර තිබූ බව පොලිසිය කියයි 

ප්‍රධාන සැකකරු ඔහුගේ තවත් මිතුරකු සමඟ තියුණු ආයුධයක් ද රැගෙන  තුවාල ලද පුද්ගලයාගේන් උකසට   ලබාගත් තීරෝද රථයෙන්ම  නිවස අසලට පැමිණෙන විට පොල්ලක්  අත දරාගෙන ඔහු සිට ඇති අතර එහිදී සැකකරුවන්  දෙදෙනා  පොල්ල අත දරාගෙන  ගෙන සිටි තුවාලකරුට පහර දී අනතුරුව තියුණු ආයුධයකින් ද පහර දී ත්‍රීරෝද රථයෙන් පලාගොස් තිබිණි 

කැස්බෑව පොලිසියේ මගින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී සැකකරුවන් දෙදෙනා ගාල්ල ඥාති නිවසකට පලාගොස් සැඟව සිට අනතුරුව රත්නපුරට ගොස් ඊට දින කිහිපයක් සැඟව සිට යළි කොළමුන්න නිවස  කරා පැමිණෙමින් සිටියදී ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කිරීමේදී පහර දීමට යොදා ගත් තියුණු ආයුධය ද සොයාගත් බවත් ,පහරදීම සඳහා සැකකරුවන් දෙදෙනාගේ තීරෝද රථයද පොලිසිය භාරයට ගත් බවත් පොලිස් නිලධාරියකු පැවැසීය 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ බරපතළ තුවාල ලද පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවත් පොලිසිය කියයි 

කැස්බෑව  පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග අබයරත්න මහතා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක  අසේල ප්‍රසාද් සෙනෙවිරත්න  මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි 

 

 

 



අදහස් (0)

මහමඟදී අතක් කපා පළාගිය දෙදෙනා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 562 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1080 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site