IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහපොළ සභාපති කෝප් කමිටුව හමුවට

(මුදිතා දයානන්ද)
 
ජයන්ත ජයසූරිය මහතා හෙට(12) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුවට) කැඳවීමට එම සභාව තීරණය කර ඇතැයි ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
 
ඔහු මෙසේ කැඳවනු ලබන්නේ මහපොළ අරමුදල යටතේ පවතින ලංකාවේ ප්‍රධානම තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන ආයතනය වන මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් කරුණු විමසීමට බවද පැවසේ.
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය.
 
“ජයන්ත ජයසූරිය මහතා කෝප් කමිටුව හමුවට කැඳවන්නේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ සභාපතිවරයා ලෙසයි. ඒ යටතේ පවතින ආයතනයක් වූ මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් කරුණු විමසීමටයි කැඳවන්නේ”
 
ජයන්ත ජයසූරිය මහතා අගවිනිසුරුවරයා ද වෙයි.



අදහස් (0)

මහපොළ සභාපති කෝප් කමිටුව හමුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site