IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


මහපොළ පුහුණු මධ්‍යස්ථානයෙන් වරායට සේවකයින්

(රංජන් කස්තුරි)
 
කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි මහපොළ පුහුණු මධ්‍යස්ථානය වැඩිදියුණු කර වරායට අවශ්‍ය සේවකයන් පුහුණුකිරීම ආරම්භ කරන බව වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක මහතා පැවසීය.
 
අලුතින් වරාය ආශ්‍රිත රැකියාවලට පිවිසෙන තරුණ තරුණියන්ට එම මධ්‍යස්ථානයේදී තාක්ෂණික හා අධ්‍යාපනික පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බවද වරාය සභාපතිවරයා කීය.
 
බොහෝ තරුණ තරුනියන් නාවික ක්ෂේත්‍ර රැකියා සඳහා යොමුවීමේ දැඩි කැමැත්තකින් පසුවන බවද ඔවුන් නිසි පුහුණුවක් ලබාදී විදෙස් රැකියා සඳහා යොමුකළ හැකි බවද දයා රත්නායක මහතා පැවසීය.
 
ඉකුත් ආණ්ඩු සමයේදී වරාය පරිශ්‍රයේ පිහිටි මහපොළ පුහුණු මධ්‍යස්ථානය කිසිදු ඵලදායී කාර්යයකට යොදා ගෙන නැතැයි පැවසූ දයා රත්නායක මහතා වරාය ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි පුහුණුව සඳහා එම මධ්‍යස්ථානය භාවිතයට ගැනීමෙන් තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවටද විශාල පිටිවහලක් වන බවද කීවේය.
 
වරාය අධිකාරිය සතුව හොඳ මානව සම්පතක් පවතින බවද එය වරාය අධිකාරියේ කටයුතු සඳහා යොදාගැනීමේ හැකියාවක් පවතින බව වරාය සභාපතිවරයා කීය.



අදහස් (5)

මහපොළ පුහුණු මධ්‍යස්ථානයෙන් වරායට සේවකයින්

lalithm Tuesday, 10 March 2020 08:40 AM

මේ ප්‍රශ්නය ඇහුවට තරහ ගන්න එපා ආයුබෝවන්. හැම තැනම තරුණ තරුණියන් පුහුණු කරන කතාවල් යනවා. එතකොට මේ එක්කෙනෙක්වත් මෙතෙක් කල් ඉගෙන ගත්තු ඒවා සහ දැනට උගන්වන ඒවා වැඩක් නැහැ කියන එක නේද මේ කියන්නේ ? ඉතින් රටේ සල්ලි කන බොරු පාඨමාලා නවතා දමා රටට අවශ්‍ය බුද්ධිමතුන් බිහි කරන්න පුළුවන් විදියට රටේ විශ්ව විද්‍යාල කාර්මික විද්‍යාල වල පාඨමාලා වෙනස් නොකරන්නේ මොකද?

:       1       79

samanTuesday, 10 March 2020 10:34 AM

ඒක නිසා තමා ජනාධිපතිතුමා ගිය සතියේ විශ්වවිද්‍යාල පරිපාලකයන් ගෙන්වලා කිව්වේ වැඩකට නැති පාඨමාලා වෙනස්කරලා පවතින රැකියා වෙළදපොලට ගැලපෙන අධ්‍යාපනයක් ලබාදෙන්න කියලා.

:       1       8

athuraWednesday, 11 March 2020 08:30 AM

එයා කියනවා විතරයි නේද? කරපු දෙයක් තියනවා නම් කියන්න...

:       0       1

කසුන් Tuesday, 10 March 2020 10:29 AM

එදා මෙදාතුර වසරකට බාහිර පාඨමාලා කොපමණ පැවැත්වෙනවද? මහපොළ පුහුණු මධ්‍යස්ථානය කිසිදු ඵලදායී කාර්යයකට යොදා ගෙන නැතැයි දොඩවන්නේ නින්දෙන් ඇහැරිලාද ?

:       0       2

K.D.Thilak Thursday, 12 October 2023 12:56 PM

මෙතෙක් දුරට මහපොළ පුහුණු මධ්‍යස්ථානයෙන් පුහුණුව ලබපු අය සාර්ථකව රැකියා කරනව. රජයේ රැකියාම නොව පුද්ගලික අංශයේ රැකියා වලට ගොඩක් වටිනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 161 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site