
(ශානුක අරවින්ද)
යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව අද (9 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16 වැනි තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ටස්කර්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 7 කට සහභාගි වී ඇති මහනුවර කණ්ඩායම එහිදී ලැබූ දෙවැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. අසේල ගුණරත්න (නොදැවී 52) සහ ඉර්ෆාන් පතන් (නොදැවි 25) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 56 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් මහනුවර කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
වැඩි විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.

COMMENTS