IMG-LOGO

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අදයි

(චමිල් රුපසිංහ)

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ  අවසන් රන්දෝලි පෙරහැර අද (14) 8.05  ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ විය.

පෙරහැර දළදා වීදිය( වෝඩ් වීදිය ) , යටිනුවර වීදිය , කන්දෙ වීදිය ( හීල් වීදිය ) , ඩී එස් සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) , ඔස්සේ රජ විදියෙන් ඉහළට විත් ගෙවදිමට නියමිතය.

පෙරහැරේ සධාතුක කරඩුව වඩම්මවන ලද්දේ කතරගම වාසනා හස්ථියා විසිණි.දෑලේ ඇතුන් ලෙස සිංහ රාජා හස්ථියා සහ මියන් රාජා හස්ථියා ගමන් කරණු ලැබූහ.

හෙට (15)  අලුයම 2.12 ට දකුණු දිශාමුඛව ශ්‍රී ධන්ත ධාතු මන්දිරයෙහි පෙරහැර සිවුදේවාලයන්හි පෙරහැර සමඟ පෙරහැර දළදා වීදිය( වෝඩ් වීදිය ) , ඩී එස් සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) , ඔස්සේ ගෙඩිගේ විහාරයට ( ආදාහනා මඵවට ) ගොස් සිරිත් පරිදි දළඳා කරඬුව එහි තැන්පත් කොට සිවු දේවාලයන්හි පෙරහැර ආපසු දෙවාලයන් වලට පැමිණ දේව ප්‍රජා පැවැත්විමෙන් පසු කටුකැළේ විදිය ඔස්සේ ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදුකරනු ලබයි.

මහනුවර ගණදෙවි කෝවිළ ඉදිරි පිටින් පෙරවරු 11.52 ට පිටත්වන සිව් මහ දේවාළ පෙරහර දළදා වීදිය,ඊ.එල් සේනානායක වීදිය,කන්දේ වීදිය ඔස්ස් ඩී.එස් සේනානාය වීදියේ මංසන්ධියට පැමිණෙයි.

ගෙඩිගේ විහාරයෙන් පස්වරු 3.12 ට පිටත්වන ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර හා එක්වන සිව් මහ දේවාළ පෙරහර ඩී.එස් සේනානාය වීදිය ඔස්සේ ඉදිරියට ගමන් ගෙන පන්සල පාර,දේව වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් මාලිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණාකොට ගෙවැදීමට නියමිතය.

ඉන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සාර්ථකව අවසන් කළ බව දැක්වෙන් පෙරහර සංදේශය දියවඩන නිළමේතුමන් ප්‍රමුඛ සතර මහ දේවාළ බස්නායක නිළමේවරු පෙරහරින් මහනුවර ජනපති මන්දිරයට ගොස් ජනපතිවරයා වෙත පිළිගැන්වීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් වෙයි.

දවල් පෙරහර ගෙවැදීමෙන් පසු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පමුඛ බස්නායක නිළමේවරු පෙරහර සංදේශය ජනපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කරයි.

පෙරහර සංදේශය පිළිගැන්වීමෙන් අනතුරුව මහනුවර ඇසැළ පෙරහරට සම්බන්ධ වී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශිල්පීන්ට ත්‍යාග හා මුදල් පිරි නැමීම ජනපති ප්‍රධානත්වයෙන් සිදු කෙරයි.

 

 

 

 

 



අදහස් (0)

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2134 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 659 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 737 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site