(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්‍ෂයෙන් නෙරපා ඇති බව පක්‍ෂ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කළුතර දිස්ත‍්‍රික් නායක ධූරයෙන් සහ පානදුර ආසන සංවිධායකධූරයෙන් ද ඉවත් කරනු ලැබ ඇතැයි එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මහින්ද සමරසිංහ මහතාගේ ඉවත් කිරීමෙන් හිස් වූ එම තනතුරු සදහා බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය සුමිත‍්‍රලාල් මෙන්ඩිස් මහතා පත්කිරීමට නියමිත බවද එම ප‍්‍රකාශකයා කීවේය.
ඔහු විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව මැතිවරණයට තරග කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව පක්‍ෂ විනය කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවක් අනුව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ පක්‍ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.
පක්‍ෂය විසින් ගනු ලැබූ මෙම තීන්දුව හෙට (20) දිනයේදී මහින්ද සමරසිංහ මහතාට ලිඛිතව දැනුම්දීමට නියමිත බවද පක්‍ෂයේ එම ප‍්‍රකාශකයා පැවසීය.
පක්‍ෂයේ හිටපු තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ඇතුළු තිදෙනකු සම්බන්ධයෙන් ද ඉදිරියේදී විනය ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ඔහු කීවේය.
COMMENTS
කමක් නැහැ සමරසිංහ මහත්තයෝ 4% රේ කට්ටියට කඩේ ගියාට මේක හොඳ පාඩමක් කියලා හිතහදාගන්න...
පොදුජන පෙරමුණේ මහ පුටුවේ ඉන්න එක්කෙනා ඇතුළු තව බොහෝදෙනා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නේද ? එයාට මේවගේ විනය පරීක්ෂණ නැද්ද?
එළවන්න ඕනේ පක්ෂයයි රටයි වෙනස් කරපු අයයි. මේ මනුස්සයා ජිනීවා ගිහින් රට වෙනුවෙන් කතා කරපු හැටි අපිට මතකයි. පක්ෂ බේදයෙන් තොරව හොද මනුස්සයෙක් ඔය ජන්දේ ඉල්ලන 99% කට වඩා.
මේක හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුවක් වගෙයි කියල මගේ සීයා කියනවා...! මැදමුලන ලොක්කයි, පොළොන්නරුවේ සිරයි එකතුවෙලා ඩීල් ගහල හදපු සන්ධානයෙන් මේ සංවිධායක දොට්ට දැමීමෙන් පෙනී යන්නේ මර/සිරා මගුලේ තිබෙන එකමුතුකම දෙදරා ඇති බව කියලා මගේ ආච්චි කියනවා. අනේ මන්දා, උන්දෑ දන්නා දේවල් අපට තේරෙන්නේ නැති නිසා දන්නා කෙනෙක් ඉන්නවා නම් මේකේ කොමෙන්ට් එකක් දමන්න බැරිද?
මහින්ද සමරසිංහ මහත්තයාට හොදක් වෙලා තියෙන්නේ බංකොළොත් පක්ෂයක ඉන්නවට වඩා ජනප්‍රිය පක්ෂයක ඉන්න එක වඩාත් හොදයි.
දැන් මේ මනුස්සය කාලා බීලා ජිවත් වෙන්නේ කොහොමෙයි. අපිට නම් කොසුයි, පොලුයි කාලාවත් ඉන්න පුළුවන්. පව් අහිංසකයා... ආධාරවත් එකතු කරමුද?
එජාපයෙන් ශ්‍රිලනිපයට එතැනින් පොහොට්ටුවට අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී කියනවා නේද?
එතකොට මහින්ද රාජපක්ෂ, ජී.එල්. පීරිස්, එස්.බී., ජොන්ස්ටන්, රත්තරන්, නාමල්, පවිත්‍රා, වගේ ඉතිරි 80ට මොනවත් කරන්නේ නැතිද?
විජයමුනි සොයිසා සහ පියසේන ගමගේ තවම S.L.F.P. එකේනේ ඉන්නේ... ඒක නිසා එයාලට විනය ක්‍රියා නැහැ.
හොඳින් ඉංග්‍රීසි කතාකරන්න පුළුවන්කම තමයි පාරට හිටියේ... කමක් නැහැ පරම්පරා ගාණක් ගොඩදාගන්න ඇතිනේ...
දේශපාලුවන්ට මේවා සුලු දේවල්. වෙන පක්ෂෙකට හේත්තු වෙයි. රිලව් වගේ පනින අය ඉන්න රටේ මොනව කරන්න බැරිද?
පක්ෂෙන් නෙරපුවත් නෙරපීමට කටයුතු කල අයයි, නෙරපීමෙන් දඬුවම් ලබපු අයයි සිටින්නේ එකම සංධානයක... අබුද්ධස්ස කාලෙ හැටි මෙහෙමයි.