IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී මෙලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ඇත.

(28535)

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (19)

මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී

Sanath Kandy Sunday, 11 November 2018 08:03 AM

ශ්‍රීලනිපයේ ගමනක අවසානය. මහින්දගේ තරම මෛත්‍රීට තේරෙයි වැඩි කල් නොගිහින්.

:       0       0

shan saudi Sunday, 11 November 2018 08:07 AM

ඔන්න මම එයේ කියපු දේ අද වැඩ පටන් ගත්තා , රටේ ප්‍රධාන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහතා නිර්මාණය කලා හා දශක ගණනාවක් රටේ ජනතාවට බොහෝ දී ලබාදෙමින් රටේ ජනතාවට සේවය කරමින් බොහෝ උගතුන් විසින් පාලනය කල පක්ෂයකි. වත්මන් එහි තත්වය බොහෝ දුරට විනාශ මුඛයට වැටෙන්නට හේතුව වී ඇත්තේ නූගතුන් හා රටට ආදරය නොකරන පුද්ගලයින් මෙන්ම මුදල් ඉපයීම උදෙසා දේශපාලනය කරන පුද්ගලයින් එහි පාලකයන් බවට පත් වීමේ ඵලවිපාක හේතුවෙනි. දැන් මහින්ද ඇතුළු කණ්ඩායම විසින් එම පක්ෂය විනාශ කර තමන්ගේ පවුලේ නිර්මාතෘත්වය ලෙස පොහොට්ටුව යන නව පක්ෂය නිර්මාණය කර ඇත. මේ නිර්මානයේ ප්‍රධාන අභිලාෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා භූමියෙන් අතුගාදැමීම බව හොඳින් පැහැදිලියි. බණ්ඩාරනායක පරම්පරාවෙන් පැවත එන නාමය විනාශ කර රාජපක්ෂ පරම්පරාවේ බුදලයක් ලෙස අනගතයේදී රටේ ප්‍රභූ පාලකයන් වීමේ වුවමනාව මත හා තම පරම්පරාවේ සුගතිය සඳහා මෙය නිර්මාණය වූවකි.. මෙතුවක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ලෙස උන් සියලු දෙනාම තමන්ගේ පක්ෂය විනාශ කරලීම සඳහා මේ කරන නින්දිත ක්‍රියාව හොඳින් වටහා ගෙන එන මැතිවරණයේදී පොහොට්ටුවට එක් නොවී ඉන්න වග බල ගන්න

:       4776       5350

V.warnakulasuriya Sunday, 11 November 2018 08:22 AM

ශ්‍රී ලංකා නි.පක්ෂය කනත්තට ගෙන යන කම් එතන සිටියා. කුමාර වරැන්ට ඔටුන්න පවරන්න රාජ්‍ය ගොඩ නඟා ගැනීමේ පියවර සාර්ථකව සිදුවෙමින් පවතී.

:       6       236

poorna Sunday, 11 November 2018 08:23 AM

ගොඩක් හොඳයි පොාහොට්ටුවෙන් යමු ඉදිරියටම...

:       2041       1564

මංගල Sunday, 11 November 2018 08:27 AM

මෝඩ වැඩක්.

:       0       0

Nandalal DE SILVA - France Sunday, 11 November 2018 08:40 AM

එහෙම උනත් මෙච්චර කල් කයිවාරු ගැහුවේ, "මම තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොගිය එකම පුද්ගලයා" කියා ! පක්ෂේ හිටපු ලොක්කන් විටින්විට පක්ෂය හැර ගියත් එයා නම් එකේම ඇලී ගැලී හිටියලු. පක්ෂේ මාරු කිරීමට හේතුව සමහර විට මෙයා දැන් ශ්‍රීලනිපයේ "ලොක්කෙක්" නොවීම වෙන්න පුළුවන්. යළිත්වරක් මැතිවරණ එනතුරු රට පාලනය කිරීමට පක්ෂ දෙකක ලොක්කෝ එකතුවෙලා .... අප්පච්චිට ඉස්සරවෙලා "ඔටුන්න (අ)හිමි කුමාරයා පැන්නා, බාප්පාගේ පක්ෂෙට! දැන් පොහොට්ටුවත් රාජපක්ෂ පවුල් සංස්ථාවට හොඳින්ම සංස්ථාපිත වෙලා වගෙයි.

:       56       374

Sunil Sunday, 11 November 2018 08:45 AM

දැන් ඉතින් අත සමනලයින්ට දුන්නාද සර් ?

:       1       32

channa Sunday, 11 November 2018 08:46 AM

අගමැතිතුමනි ඔබට ජය පතමි.....

:       0       0

sirimal Sunday, 11 November 2018 08:51 AM

දැන් මේ සියල්ලම " කිසිදු වැඩ පිළිවෙලක් නොමැති හුදු පංචස්කන්ධ වන්දනාව පමණක්ම ඇති "විගඩමක් බව ස්ථිර වශයෙන්ම සහතික වෙනවා නේද? දකුණේ සිංහල, සිංහල බෞද්ධ වැනි ලොට්ට වේදිතයක් මත ගොඩ නැඟී ඇති මේ පුද්ගල වන්දනා බලවේගය "පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා, නයෙක් බැරිනම් මාපිලෙක් දාල හරි දිනනවා" කියා කීවට මහ මැතිවරණයකදී හෝ ජනාධිපති වරණයකදී එය එසේ විය හැකිද? මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහු වටා ඉන්නා කණ්ඩායම මෙතෙක් කල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය රඳවාගෙන සිටියේ මොන ක්‍රමයකින් හෝ එහි බලය තහවුරු කරගැනීමට බවත් ඒ වැඩේ හරි ගියේ නැති නිසා පොහොට්ටුවට එකතු උන බවත් කෙනෙකුට යෝජනා කරන්නට බැරි නැත.කවුරු මොන තර්ක ඉදිරිපත් කලත් තවමත් මේ රටේ පොදු ජනතාවගේ ආකර්ෂණය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව පැහැදිලිය.බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත්වී නව පක්ෂයක් නිර්මාණය කර එය ජයග්‍රහණය දක්වා ගෙන ගියේ එදවස ඒ සඳහා සුදුසු වාතාවරණයක් ගොඩ නැගී තිබුන නිසාය.අද ඇත්තේ එවැනි තත්වයක් නොවේ.මහින්ද වටා ඉන්නා බොහෝ දෙනෙකුට දුෂණ චෝදනා ඇති බව කවුරුත් දනිති." මැරුණත් මහින්ද" කියන සුළු පිරිස සමඟ යන මේ ගමන අති දුෂ්කර එකක් හෝ බිහිසුණු එකක් වනු නොඅනුමානය.

:       0       0

sandy123 Sunday, 11 November 2018 08:51 AM

අයියෝ ජනාධිපතිතුමනි.........

:       0       0

Upali Sunday, 11 November 2018 09:19 AM

ජනාධිපතිවරයා ශ්‍රිලනිපය කනත්තට ගෙන යාමක් නේද මේ කළේ. මහින්ද මහතා පොහෙටේටු සාමාජිකයෙක් වූවා නම් කොහොමද ශ්‍රිලනිප යටතේ අගමැති කම් දරන්නේ

:       0       0

Nir Sunday, 11 November 2018 09:19 AM

ජය වේවා . අපි කලින්ම කිව්වේ ඕක තම යි. එයා ටත් ගේම ලැබුන නේ .

:       0       0

රවින් Sunday, 11 November 2018 09:52 AM

හරියට හරි. මේක තමා නියම තුරුම්පු ගහන වෙලාව... කාපන් පිදුරු කියලා කිව්වේ නියම වෙලාවේ. කුම්බලා මාළු කෑවානම් දිරවාපන් බළලෝ කියලා හිතාගෙන පොදු ජනයා බලාගෙන ඉන්නවා. අතරමන් වූ අය?

:       0       0

Deva Sunday, 11 November 2018 09:58 AM

මේ කමෙන්ට්ස් බැලුවාම කට්ටියගේ දුක පේනවා ඔවුන්ට... ඔහොම යමු..

:       0       0

Rohana Sunday, 11 November 2018 10:13 AM

මේක මෛත්‍රී පන්නා දැමීමේ පළමු පියවර... හොඳ වැඩේ දෙපැත්ත කනවට දඬුවම..

:       0       0

de silva Sunday, 11 November 2018 10:38 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය..., දැන් සභාපති තුමාට සතුටුද?

:       0       0

පෙරේරා Sunday, 11 November 2018 10:48 AM

මෛත්‍රී ලව්වා ආණ්ඩුව විසුරුවාගෙන මිනිහව විනාශ කරලා පැන්නා. මෙච්චර දේශපාලනය කරලා දකුණේ ටිපිකල් තක්කඩින්ව ශිෂ්ඨ මිනිස්සුන්ගෙන් වෙන්කරලා අඳුනගන්න බැරි බැරිවුනා මේ හාදයාට...

:       0       0

amila Sunday, 11 November 2018 10:50 AM

හැමදාම ඒ.ජා.ප, ශ්‍රී,ල,නිප රජ කරන්න ඕන කියල නීතියක් නැහැ. අකමැති අයට තමන්ගේ කැමති පක්ෂයකින් ජනතාව අතරට එන්න පුළුවන්. රාජපක්ෂ පරම්පරාවේ බූදලයක් වෙයි කියලා බයනම් මිනිසුන්ට තියෙන්නේ ඡන්දේ නොදී ඉන්න. බලෙන් බලයට එන්න බැහැනේ. මේ වෙලාවේ පොහොට්ටුවට තියන ඡන්ද පදනමේ විදියට සුළු පක්ෂ එකක්වත් නැතුව බහුතරයක් හදන්න පුළුවන් ලේසියෙන්ම. ඒක කාට නැතත් මේ රටට ආදරේ කරන, සිංහල බුද්ධාගමට ආදරේ කරන මිනිසුන්ගේ ජයග්‍රණයක්...

:       0       0

sirimal Sunday, 11 November 2018 02:23 PM

දැන් මේ සියල්ලම "කිසිඳු වැඩ පිළිවෙලක් නොමැති හුදු පංචස්කන්ධ වන්දනාව පමණක්ම ඇති "විගඩමක් බව ස්ථිර වශයෙන්ම සහතික වෙනවා නේද? දකුණේ සිංහල, සිංහල බෞද්ධ වැනි මත ගොඩනැඟී ඇති මේ පුද්ගල වන්දනා බලවේගය "පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා, නයෙක් බැරිනම් මාපිලෙක් දාල හරි දිනනවා" කියා කීවට මහ මැතිවරණයකදී හෝ ජනාධිපතිවරණයකදී එය එසේ විය හැකිද? මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහු වටා ඉන්නා කණ්ඩායම මෙතෙක් කල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය රඳවාගෙන සිටියේ මොන ක්‍රමයකින් හෝ එහි බලය තහවුරු කරගැනීමට බවත් ඒ වැඩේ හරි ගියේ නැති නිසා පොහොට්ටුවට එකතු වුණු බවත් කෙනෙකුට යෝජනා කරන්නට බැරි නැත. කවුරු මොන තර්ක ඉදිරිපත් කළත් තවමත් මේ රටේ පොදු ජනතාවගේ ආකර්ෂණය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව පැහැදිලිය. බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත් වී නව පක්ෂයක් නිර්මාණය කර එය ජයග්‍රහණය දක්වා ගෙන ගියේ එදවස ඒ සඳහා සුදුසු වාතාවරණයක් ගොඩ නැගී තිබුණු නිසාය. අද ඇත්තේ එවැනි තත්වයක් නොවේ. මහින්ද වටා ඉන්නා බොහෝ දෙනෙකුට දූෂණ චෝදනා ඇති බව කවුරුත් දනිති. " මැරුණත් මහින්ද" කියන සුළු පිරිස සමඟ යන මේ ගමන අති දුෂ්කර එකක් හෝ බිහිසුණු එකක්වනු නොඅනුමානය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2025 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 635 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 715 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site