(මනෝප‍්‍රිය ගුණසේකර)
මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්‍ෂක අමාත්‍යාංශයට අද (02) බාර දෙන ලදී.
එලෙස බාරදුන් එක් ගොනුවක පිටු 21,000 ක් පමණ අඩංගු බව නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අනුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට ලංකාණ්ඩුවට අවකාශ ලැබී ඇත.
භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට පාඩු සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා විදේශ ගතවූ අතර ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් නොලැබිණි.
ඉන් වසර කිහියපකට පසු නීතිපතිවරයා විසින් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.
එම නඩුව විභාගයට ගත් පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් විසින් අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලදී.
එලෙස වරෙන්තු නිකුත් කිරීමත් සමඟ අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින විත්තිකරුවකු සිය රටට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතීය යටතේ අවශ්‍ය මූලික කරුණක් සම්පුර්ණ වීමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීමට සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍ය ලේඛන ආදිය නීතීපතිවරයා විසින් සකස් කරන ලදී.
ඒ සඳහා පිටු 21,000 කින් යුත් ලේඛන අඩංගු ගොනු සකස් කළ නීතීපතිවරයා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට හා ආරක්‍ෂක අමාත්‍යංශයට බාර දෙන ලදී.
එලෙස බාරදුන් ගොනු විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පූරූ රජයට ඉදිරිපත් කර මෙම නඩුවේ ප‍්‍රධාන විත්තිකරුවකු වන අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කර එවන ලෙස උදර්පන නීතීය යටතේ සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කළ යුතුය.
COMMENTS
ඇයි මේ සැකකරුවෙක්ට "මහත්මයා" කියල අමතන්නේ?
වසර 30ක යුද්ධය නිම කරන්න ගියාට වැඩිය අමාරු වැඩක්නේ මේක... දැන් කොච්චර කල් ඉඳන් අපි මේ නාට්‍යය බලනවද? මගේ හිතේ කෝපිකඩේ වගේ කොටස් හුඟක් තියනවද කොහෙද...?
ඉතින් ඇත්තනේ ලොක්කන්ගේ යාළුවෝ වුණාම "තක්කඩි හොරු" වුණත් මහත්මයා කියන්නේ.. මොකද ලොක්කොත් හොරුනේ.. අවාසනාවකට " මහත්තය " කිව්වේ නැහැ .කිව යුත්තේ " මහත්තයා " යන වචනයයි නමුත් මහත්මයා නොව. මහත්මයා කියන්නේ මනසින් උසස් අවංක නිහතමානි මිනිසාටය. එනමුත් තක්කඩින්ට සිංහල භාෂාවට නිගාකරමින් මෙවන් වැදගත්, අර්ථවත් වචන මෙවැනි පරයින්ට භාවිතා කිරීමත්ම කණගාටුවකි.
ඔය කවුරු ලංකාවට ගෙන්නුවත් වැඩක් නැහැනේ.. අපි දැක්කනේ මදුෂ්ලා, කන්ජිපාන්ලා ගෙන්නලා ලස්සනට හොර පාරෙන් සමහර පොලිස් නිලධාරීන්ම ඔවුන්ට රජුන්ට වගේ සලකපු හැටි, අර තව නළුවෙක් 2500ක දඩයක් ගෙවලා ගෙදර ගියහැටි, මෙන්න තවත් මෙගා නාට්‍යයක්...
අගමැති කිව්වනේ මහේන්ද්‍රන් සිංගප්පූරු ගිහින් මගුල් කාල එනවා කියලා.
එක පිටුවක එක අකුර ගානේද තියෙන්නේ?
නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත්පට්ටයක් ඕනෑ වගේ...
පුහුල් හොරා කරෙන් දැනේ.හොරකමෙ තරම පිටු ගානෙන් දැනේ.
කොරු හතලිහනම් ලංකාව පුරා නිදහසේ කරක් ගහනවා
එය මේ ලංකාවට ගෙන්නන්න හදන්නේ මොනවටවත් නෙවෙඉ, අර කන්ජිපනි ඉම්රාන් වගේ සුළු දධුවමක් දීල නිදහස් කරගන්න..ඊට පස්සේ අයෙත් රට කන්න
"බැනා" නැති උනාට හොරකමට ආධාර, අනුබල දීපු "මාමා" තාම ලංකාවේ ඉන්නවනේ,,, ලබන චන්දෙන් පැරදිලා පොරත් රට පනින්න කලින් දැන්මම ඇතුලට ගත්තොත් හොදය් නේද? නැත්නම් අපි FCID මහත්වරු අශ්වයා පැනල ගියාට පස්සේ මේ වගේම හොයන්න පටන් ගනිය්නේ
[ඒ සඳහා පිටු 21,000 කින් යුත් ලේඛන අඩංගු ගොනු....] නැව් මගින්ද දන්නේ නැහැ ඔය "පත්තර මිටිය" සිංගප්පුරුවට යැවුවේ ? සිංගප්පූරූ රජයේ නිලධාරීන් ඔය තොගය කියවල ඉවරවෙනකොට මෑන් එරටින් පිටවෙලා ගිහිල්ලත් ඇති ! කොහොම උනත් පිටු 21,000 සංක්ෂිප්තව ලිය යැවුවා නම් එරටේ නිලධාරීන් "ඕවර් ටයිම්" නොකර එය කියවා බලන්නත් තිබුණා... අනේ වාසේ කියල මගේ සීය කියනවා.
අස්සයට ලස්සනට පැනල යන්න ඉඩ දීල දැන් ලස්සනට බයිලා කියනවා අපිව රවට්ටන්න ...!!! සුජීව උන්නැහේට කිව්වනම් තවත් පොතක් ලියවගන්න පුළුවන් නේද ...??
මෙම නාටකයේ කොටස් ජනාධිපතිවරනයෙන් පසුව අවසන්වීමට නියමිතය
මෙම තත්වයට ජනපති ,අගමැති , නීතිපති ඇතුළු සියලු දෙනාම වගකිව යුතුය , මුලින්ම මහේන්ද්‍රන් වංචාවක් කරලා කියල දැනගත්ත වෙලාවේ , සැක පිට මොහු අත්අඩංගුවට අරන් අධිකරණය නඩු පවරන්නේ නැතුව බොරුවට කාලේ සහ මුදල් නාස්ති කරමින් කොමිසමක් පත්කරගෙන පිස්සු නැටුවා දැන් පෙනෙනවා නේද වෙලා තිබෙන දෙය ? කරුණාකර කල් යවන්නේ නැතුව අර රවී කරුණානායක කියන සැක කාරයත් අත්අඩංගුවට අරන් නඩු පවරන්න , ඕනේ තරම් සාක්ෂි ඔහුට විරුධව තිබෙනවා නැත්නම් ඔහුත් රට පනිවි , අර අර්ජුන ඇලෝසියස් කියන සැක කරු ප්‍රමුක අනිකුත් පුද්ගලයනුත් ඇප අවලංගු කර නැවත අත්අඩංගුවට අරන් නඩුව , මහේන්ද්‍රන් නැතුව දිගටම අසා විසදුමක් දෙන්න .
අල්ලයි මුගේ නැට්ට
මේවගේ වැඩ වලින් තේරුම් ගන්ඩ දේශපාලුවන්ගේ ලග තියෙනෙ සක්කිලි ගති . මුන් හිතන්නේ අපි මෝඩයෝ කියල . හොරු රැල රට කනවා ආයේ ජන්ද නම් දෙන්ඩ එපා මුන්ට . මේ සේරම නාටක. මුව අල්ලන්නේ නැහැ . රටේ හිටපු එකාව යවල දැන් නැට්ට . අගමැති ගේ ගැට එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ
දැන් අවුරුදු ගානක් බැරි වුන දේ අද කරන්න යන්නේ, මේක තවත් චන්ද නාට්ටියක්, ඇත්තටම මේකනම් මහා විහිළුවක්? මොකද ගමේ පොඩි හෝ හොරකමක් කල අයෙක්නම් ඔහුට උඩ පැන පැන තලාවි ඒත් කාවද මේ රවට්ටන්න හදන්නේ, මේ හොරකමට සම්බන්ද හැමෝටම සාපවෙවා!
නීතිපති ඇහැරිලා...මේ ටිකේ එහෙනං වැඩ ටිකක් කරමු. ආයෙ නිදාගන්න තියෙන්නෙ මාස 4කට පස්සෙ.
ඔය වාර්තාවේ සුජීවගේ පොතත් තියෙනවද ?
මෙහෙ අඹුඩ ගගහ පත්තර වල දාල මිනිහව අල්ලන්න කට්ටිය සිංගපූරුවට යනකොට මිනිහ වෙනරටකට ගිහින් ලු