IMG-LOGO

මහින්දට පක්ෂව හා විපක්ෂව කතරගම පොල් ගසති

 

(එම්.කේ.නන්දසේන , නෙල්සන් පියරත්න සහ කේ.ඩි.දේවප්‍රිය)

 

රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා විරෝධීව ඉවත්කොට නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට විරෝධය පළ කරමින් නිතිවිරෝධි දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක එස්.තෙන්නකෝන් නිලමේ මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු හා ආධාරකරුවෝ පිරිසක් අද (02) කතරගම මහ දේවාලය අබියසදී කන්නලව් කොට පොල් ගැසූහ.

ඔවුනට දඬුවම් දෙන ලෙසද එම පිරිස ඉල්ලා සිටියහ.    

මෙම අවස්ථාවට කිවුල ශ්‍රී බෝධිරාජාරාමාධිපති , පල්ලේගම විමලරත සහ බැරගම නන්දසිරි යව හිමිවරු ද , පළාත් සභා මන්ත්‍රීවරුන් වන සුනිල් සේනානායක ,ලාල් චන්ද්‍රසිරි මහත්වරු ඇතුළු පිරිසක්ද පැමිණ සිටියහ.      

මෙම අවස්ථාවේ රට බේරාගත් නායකයා අපට ඕනෑ යැයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් ආධාරකරුවෝ පිරිසක් ද පොල් ගැසූහ.



අදහස් (9)

මහින්දට පක්ෂව හා විපක්ෂව කතරගම පොල් ගසති

sirimal Friday, 02 November 2018 06:47 PM

හරි වැඩේ. දැන් දෙයියොත් කර කියා ගන්න බැරුව ඉල්ලලා අස්වෙයිද දන්නේ නැහැ.

:       0       0

vidya Saturday, 03 November 2018 12:51 AM

ඉන්දියාව කියන්නේ හතර මහා අපායක්. එහෙන් විසි කරපු දෙවිවරුන්ට පොල් ගහන්නේ මෝඩයින්. සංඝයා වහන්සේට ලැජ්ජා නැතිව සිවුර පොරවාගෙන මේ වගේ මිථ්‍යා වලට එනවනේ. පාර්ලිමේන්තුව රැස් කරලා. නීතිමය කටයුතු කරනවා මිසක් ඔය ගොන් වැඩ හරියන්නේ නෑ.

:       0       0

Bamunuarachchi Saturday, 03 November 2018 05:16 AM

මමත් යනවා සීනිගමට අරලියගහ මන්දිරේ ඉල්ලලා මිරිස් ටිකක් අඹරන්න.

:       328       183

sandySunday, 04 November 2018 07:44 AM

වෙඩින් එකට වෙන්න ඇති. දැන් නම් ගන්න බැහැ කියලා රනිල් වික්‍රමසිංහ කියලා තිබුණා. වෙන තැනක් හොයා ගන්න වෙනවා.

:       0       1

ranjith Saturday, 03 November 2018 06:23 AM

යමක් නිවැරදි දෙය කියන්නේ එකක් එ්ක තමන්ගේ වාසියට අර්ථගත්තට කවදා හෝ නිවැරැදි දේට තැනක් තියෙනවා. අපිට පේනවනේ වැරදි කරන හැම කෙනාටම කෙළවෙන හැටි...

:       1       169

sirimal Saturday, 03 November 2018 01:52 PM

දෙයියන්ට එලොව පොල් පෙනෙනවා ඇති.. කාටද දේවාශීර්වාදය පාවිච්චි කරන්නේ කියලා හිතාගන්න බැරුව...

:       0       7

NuwanSunday, 04 November 2018 08:11 AM

දෙවියෝ කතරගමත්, ලංකාවත් දාලා යන්න යනවා. මොකද එක අවුරුද්දක එක්කෙනෙක් ඇවිත් අහවලා පරද්දන්න කියල පොල් ගහනවා. ඊළඟ අවුරුද්දේ එයාවම දිනවන්න කියල පොල් ගහනවා. දෙවියොත් අනාතයි මිනිසුන්ගේ බල තණ්හාවට...

:       0       3

PA - RA Sunday, 04 November 2018 02:42 PM

වැඩක් නැත! ඔහු ඒ දෙවියන්ගේ අඩවියේ කෙනෙකි.

:       1       1

H.D.Wijedasa. Monday, 05 November 2018 04:43 AM

අම්මගෙ අප්පගෙ බූදලේ වගේ මුලු රටම විකුණන් කන්න බැලුවෙ ඒකයි විනාස වුනේ.....

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site