IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මහින්දගේ අපේක්ෂකයාට සහාය දෙන්න වර්ධරාජා පෙරුමාල් තීරණය කරයි

(එෆ්.අස්ලම්)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරන ජනාධිපති අපේක්ෂකයා හට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය ලබාදෙන බව උතුරු නැගෙනහිර පළාත් සභාවේ ප්‍රථම හා එකම ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක වර්ධරාජා පෙරුමාල් පැවසීය.

පස්වරක බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් කිසිවක් සිදුනොකළ බවත් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පත්වන නව ජනාධිපතිවරයා තුළින් දේශපාලන අයිතිවාසිකම් නැතත් යෝධ සංවර්ධනයක් හෝ සිදුවනු ඇති බවත් ඒ හෙයින් මෙම තීරණය ගත් බවත් පෙරුමාල් මහතා පැවසීය.

ඉදිරි ජනාධීපතිවරණය සම්බන්ධයෙන් දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ස්ථාවරය පිළිබදව ලංකාදීපය කරන ලද විමසුමකදී පෙරුමාල් මහතා මේ අදහස් පලකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වර්ධරාජා පෙරුමාල් මහතා මෙසේද කීය.

"මේ රටේ නිදහසින් පසුව අද දක්වාම විශාල විනාශයක් සිදුකරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයයි. මේ පක්ෂය තමයි එදා ඉදලාම රටේ කෝලහාල රැසක් ඇති කරලා දෙමළ ජනතාවගේ නිදහස මුළුමනින්ම අහිමි කරනු ලැබුවේ. සිංහල පමණක් නීතියත්,1983 දෙමළ ජනතාවට එරෙහි කෝලහාලය, යාපනය පුස්තකාලයට ගිනිතැබීම, වැලිකඩ සිරකරුවන් ඝාතනය, වැනි අපරාධ රැසක්ම සිදුවුණේ ඒ ආණ්ඩුව කාලයේදී යි.

‍එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව 2015 නැවතත් බලයට පත්වීමෙන් පසුව ගතවූ පස්වරක කාලයේ  දී කිසිදු වැඩකට ඇති වැඩක් කළේ නැහැ. ඔවුන් හා අත්වැල් බැදගෙන හිටපු දෙමළ ජාතික සන්ධානයත් කළේ ඒ වැඩේමයි. මේ නිසා දෙමළ ජනතාව දැඩිව රැවටීමකට ලක්වුණා. මේ නිසා අපි දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විදිහට තීරණය කළා මේ රටේ දෙමළ ජනතාවගේ බඩගින්න නිවන්නයි. ඒ ජනතාවගේ ආර්ථිකය නංවන්නයි. යුද්ධයෙන් විනාශ වී ගියපු උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කරන්නයි පුළුවන් එකම නායකයා හිටපු ජනාධිපති පාර්ලිමේන්තුවේ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියලා.

ඒ නිසයි අපි තීරණය කළේ මහින්ද රාජපක්ෂගේ අනුශාසනාවෙන් ඔහුගේ උපදේශයෙන් නම් කරන ජනාධිපති අපේක්ෂකයා වෙත අපේ සහාය ලබාදෙන්න. මහින්ද රාජපක්ෂ මහතා පළාත් සභා වෙත පවතින බලතල අඩුයි කියන එක පිළිගෙන සිටිනවා. ඒ නිසාවෙන් පළාත් සභා වෙත බලතල වැඩි කරන්නත් ඔහු පොරොන්දු වී තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන්නේ යුද්ධය ඉවර කරපු නායකයා තමයි. නමුත් මේ රටේ යුද්ධයක් ඇතිවන්නට මුල් වීමට හේතුවුණේ එක්සත් ජාතික පක්ෂය කියන එක පිළිගන්න ඕනැ. ගොඩක් දෙනෙක්ට ඒක අමතක වෙලා.

දැන් අපි බලාපොරොත්තු වෙන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් විනාශ කරපු රට ගොඩගන්න පුළුවන් වළපල්ලට වැටුණු ආර්ථිකය නංවන්න පුළුවන් යුද්ධයෙන් වැටුණු උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කරල දෙමළ ජනතාවගේ ආර්ථිකය නංවන්න පුළුවන් දේශපාලන නායකයකු බලයට ගෙන එන්නයි. ඒ වගේම ජාතික ප්‍රශ්නයත් අප අමතක කරල නැහැ. මේ ජාතික ප්‍රශ්නය ගැනත් අපි ඒ ජනාධිපති අපේක්ෂකයා සමගින් කතා කරනවා. අපිට වුවමනා වෙලා තියෙන්නේ දැනට තියෙන තත්වයෙන් රට ගොඩගන්න. ඒ වගේම උතුරු නැගෙනහිර පළාත්වල යෝධ සංවර්ධනයක් ඇති කරන්න" යැයි ද වර්ධරාජා පෙරුමාල් මහතා කීය.

       



අදහස් (9)

මහින්දගේ අපේක්ෂකයාට සහාය දෙන්න වර්ධරාජා පෙරුමාල් තීරණය කරයි

saliya Sunday, 11 August 2019 07:13 AM

ඒ කාලේ ඊලාම් කොඩිය එසෙව්වා. දයාන් ජයතිලක මහත්තයත් එක්ක. ඔන්න දැන්නම් ඉතින් මහා ඉහළින්ම දේශප්‍රේමීන් හැටියට පිළිගන්නවා.

:       5       73

sirimal Sunday, 11 August 2019 08:06 AM

මේ උන්නැහේ නේද අර එක කාලයක් කොටි සන්විධානයේ ඉඳලා පස්සේ ඉන්දියානු හමුදාවේ උදව්වෙන් ඊලාම් රාජ්‍යයක් පිහිටුවාගෙන එ්කේ ප්‍රධානියා වුනේ... දැන් එතකොට මෙයත් ජාතික ඇඳුමක් ඇඳගෙන එයාගේ නෝනට කුරහන් ඔසරියක් අන්දවාගෙන සමුළුවට සහභාගි වෙනවද? දැන් අර සිංහල ජාතිවාදී කණ්ඩායම මොනවා කියයිද දන්නේ නැහැ නේද? අපට ආරංචියි මහින්ද මහත්තයා පහුගිය දවසක සම්බන්ධන් මහත්තයා මුණගැහිලා ගෝඨාභය යටතේ පිහිටුවන අලුත් ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕනෑ දෙයක් දෙන්නත් පොරොන්දු වෙලා තියෙනවා කියලා. මේවට තමයි කියන්නේ කන්න ඕනෑ වුණාම කබරගොයත්, තලගොයා වෙනවා කියලා...

:       24       202

kule Sunday, 11 August 2019 08:31 AM

ගිනිපෙනෙල්ලෙන් බැටකාලා දැන් කණාමැදිරි එළියටත් බය ජනතාවක් ශ්‍රී ලංකාවේ ඉන්නවයි කියලා නායකයා දැනගත්තොත් හොඳයි.

:       7       74

RaveendraSunday, 11 August 2019 09:17 AM

ඇත්තෙන්ම ඔබ නිවරදියි. මේ තක්කඩියා නේද චන්ද්‍රිකාගේ කාලේ ඊළම ගැන අඬබෙර ගැහැව්වේ (අපගේ මතකයේ හැටියට අප නිවැරදි නම්) දැන් මේ ගොයියත් උපාසක රෙදිපොරවාගෙන වගෙයි නේද..? කෙසේවෙතත් කාටකාටත් වෙනත් හිවලුන්ගෙන් උදව්ගන්නා විට සියදහස් වාරයක් හිතන්න කරුණු නම් ඇත.

:       0       27

Rata PerataSunday, 11 August 2019 10:24 AM

මහින්ද බලය වෙනුවෙන් එයාගේ බිරිඳත් දෙයි.

:       31       91

Daham Sunday, 11 August 2019 10:25 AM

අද ඉදන් මොහු දේශප්‍රේමියෙක්.

:       3       94

Aris Sunday, 11 August 2019 03:58 PM

මොහු කොටියෙක් නෙවෙයි. ඊ.පී.ආර්.එල්.එෆ් නායකයා. ජේ.ආර් මහත්මයා පළාත් සභාව ඇති කළාම කොටින් ඒක බාරඅරන් අයුධ බිම තියන්න එකඟවුනේ නැහැ. මොහු කැමැති වෙලා පළාත් සභාවට තරග කරලා දිනුවා. පස්සේ ඉන්දියන් හමුදා සහය මොවුන්ට ලැබුණා. දෙගොල්ලන් එකතු වෙලා කොටි මර්ධනය කරන කොට ජේ.ආර් මහත්මයාගේ පාලන කාලය අවසන් වුණා. ඊළඟ ආණ්ඩුව කොටියට ආයුධ සහ රැකවරණය දෙන ගමන්, ඉන්දියන් හමුදාව ඇරලා නැවත කොටින් උතුරටම ඇරියා. ඊළඟට මේ උන්නැහේත් ඊළාම් කියා කියා ඉන්දියාවටම පැනලා ගියා...

:       1       47

Aris Sunday, 11 August 2019 03:58 PM

මොහු කොටියෙක් නෙවෙයි. ඊ.පී.ආර්.එල්.එෆ්. නායකයා. ජේ.ආර්. මහත්මයා පළාත් සභාව ඇති කළාම කොටින් ඒක බාරඅරන් අයුධ බිම තියන්න එකඟවුනේ නැහැ. මොහු කැමැති වෙලා පළාත් සභාවට තරග කරලා දිනුවා. පස්සේ ඉන්දියන් හමුදා සහය මොවුන්ට ලැබුනා. දෙගොල්ලන් එකතු වෙලා කොටි මර්ධනය කරන කොට ජේ.ආර්. මහත්මයාගේ පාලනකාලය අවසන් වුණා. ඊළඟ ආණ්ඩුව කොටියට ආයුධ සහ රැකවරණය දෙන ගමන්, ඉන්දියන් හමුදාව ඇරලා නැවත කොටින් උතුරටම ඇරියා. ඊළඟට මේ උන්නැහෙත් ඊලාම් කියකියා ඉන්දියාවටම පැනලා ගියා.

:       0       9

Bishan Monday, 12 August 2019 05:19 AM

ඔබ දැන් දේශප්‍රේමී දෙමළ නායකයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1966 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site