තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධූරය සහ කැබිනට් අමාත්‍යධූර අභියෝගයට ලක්කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ලබන මස 16,17,18 තෙදින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (12) තීන්දු කළේය .
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ පෙත්සම සළකා බැලිණි.
පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරෝධතාවක් මතුකරමින් මෙම නඩුවට අදාළ නොතීසි සහ ලිපිගොනු ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව පෙත්සම්කාර පාර්ශවය විසින් තමන් වෙත නිසි පරිදි බාරදී නොමැති බව ප්‍රකාශ කළේය.
මෙය ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කිරීමක් බැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන මෙන් ද වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
එම අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ එවැනි නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් කළ නොහැකි බවත් මෙම විරෝධතාව සුදුසු අවස්ථාවේදී මතුකරන ලෙසත්යි.
මෙහිදී වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනාගෙන් නොතීසි නොතිසි හා ලේඛන බාරදී තිබෙන්නේ 17 දෙනෙකුට පමණක් බවත් ඉතිරි වගඋත්තරකරුවන් තිස් දෙදෙනාට නඩුවේ ලේඛන ලැබී නොමැති බවත් චෝදනා කර සිටියේය.
ඒ අනුව මෙම නඩුවේ සියලුම වගඋත්තරකරුවන්ට නැවත නිකුත් කරන ලෙස අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියම කළේය.
අනතුරුව නඩුවට අදාළ විරෝධතා ජනවාරි මස 4 වැනි දා ඉදිරිපත් කරන මෙන් වගඋත්තරකරුවන්ට නියම කළ අධිකරණය ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරි 11 වැනි දා ඉදිරිපත් කරන ලෙස පාර්ශවයට නියම කළේය.
පසුව පෙත්සම් විභාගය ජනවාරි 16, 17 සහ 18 යන දිනවල පවත්වන බව ද අධිකරණය නියෝග කළේය.
ඡායාරූප - ඉෂාන් සංජීව






2025 දෙසැම්බර් මස 04
181
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
372
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
382
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහින්දගේ අගමැති ධූරය අභියෝගයට ලක්කළ පෙත්සම විභාගයට තෙදිනක්