IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මහින්දගෙන් ඒකාබද්ධයේ පක්ෂ නායකයන්ට උපදෙස්

නාලක සංජීව දහනායක
 
නිල කාලය අවසන්ව ඇති පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් මුදල් වියදම් කිරීමට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ නායකයන්ට අද (24) උපදෙස් දී තිබේ.  


පළාත් සභාවේ අනුමැතියකින් තොරව මුදල් වියදම් කිරීමට ආණ්ඩුකාරවරුන්ට බලයක් නොමැති බැවින් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් මුදල් වියදම් කිරීම නීතිවිරෝධී ක‍්‍රියාවක් බව පක්‍ෂ නායකයන් විසින් මෙහිදී හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.


ඒ පිළිබඳව සොයා බලා නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට හා සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමැති මහීපාල හේරත් මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උපදෙස් දී තිබේ.


එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා දක්වන අදහස් සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොකරන ලෙසත් හිටපු ජනාධිපතිවරයා විසින් මෙහිදී ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායකයන්ට දැනුම්දී ඇත.


ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අද (23) පස්වරුවේ පැවැත්විණි.
 



අදහස් (7)

මහින්දගෙන් ඒකාබද්ධයේ පක්ෂ නායකයන්ට උපදෙස්

සතයපාල Wednesday, 24 October 2018 11:49 AM

සභාග ආණ්ඩු හදන්න ජනාධිපතිවරයා එක්ක රහස් සාකච්ඡා කරන වෙලේ පලාත්සභාවල සීමා නිර්ණය අවසන් කරවා නව මැතිවරණ ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීමට හෝ නව මැතිවරණ ක්‍රමයට සීමා නිර්ණය අවසන් නැති නිසා පරණ මැතිවරණ ක්‍රමයට ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව එකග කරවා ගන්න උනන්දු උනා නම් විපක්ෂය හැටියට තමන්ගේ කාර්යභාරය ඉටු කලා වෙනවා.

:       0       0

chathuri Wednesday, 24 October 2018 12:30 PM

රජ වෙලා ඉන්නකොට මේ විදියට හොයල බැලුවනම් ෆයිල් හංගන්නේ නැතිව නේද ? කවුරුත් පොඩි තැනෙ ඉන්නකොට නීතියට වැඩ කරනවා ඉහලම පුටුවට යන්න ඕන නිසා රජ පුටුවෙන් මන්ත්‍රී පුටුවට නායකයින්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේපුටු දෙකෙන් දෙවියන් දෙන්නේ එක අවස්ථාවයි.... ඒ අවස්ථාවෙන් අයුතු විදිහට ප්‍රයෝජන ගත්තොත් නැවත හිටපු තත්වෙටම යනවා.... ජනතා මුදල් කොපමණ නාස්ති කෙරුවද?

:       0       0

rohana Wednesday, 24 October 2018 01:26 PM

මෙයා මේ මොකටද එන්න හදන්නේ...?

:       0       0

Hafeel Wednesday, 24 October 2018 01:54 PM

ඔබතුමා බලයේ ඉන්න කාලේ දිවිනැගුම මුදල් බලය පාර්ලිමේන්තුවට දෙන ලෙස එවකට අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක මහත්මිය නියෝග දුන්න නිසා, එතුමියව ඉතා අසීලාචාර විදියට නෙරපා හැරියා. දැන් ඔබට බලය නැතිවෙනකොට තමයි නීතිරීති මතක් වෙන්නේ... තමන් කරනකොට හරි, අනුන් කරනකොට වැරදි.

:       0       0

සෙනෙවි Wednesday, 24 October 2018 03:39 PM

එතුමා කියනදේ පමණක් කරන්න

:       0       0

Chanak Los angeles Thursday, 25 October 2018 01:16 AM

ඇදේට ගිය මහා කකුළුවා පොඩි කකුළුවන්ට කෙලින් යන්න උපදෙස් දෙනවා .

:       140       253

sirimal Thursday, 25 October 2018 08:20 AM

දුන්න උපදේශය අනිවාර්යයෙන්ම " මම කියනදේ විතරක් කියන්නත් කරන්නත් හිතා ගන්න" කියල වෙන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site