(අංජුල මහීක වීරරත්න)
ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
ඊට අමතරව අනුරාධපුර අටමස්ථානයම රාත්‍රී කාලය පුරාවට ආලෝකවත් කිරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අවශ්‍ය කටයුතු යොදා පවති.
ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම ආලෝකවත් කිරිමට අදාළ කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබේ .
ඉහත කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවීමත් සමගම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති ලෙකෝ සමාගම මගින් ඉහත පූජනීය ස්ථාන 2 ක සඳහා විදුලි ආලෝකය සපයනු ලබයි.
අටමස්ථානයට අයත් ජයසිරි මහ බෝධිය , රුවන්මැලි සෑය, ථූපාරාම, ජේතවනාරාමය, අභයගිරිය, මිරිසවැටිය, ලෝවාමහාපාය, ලංකාරාමය යන පූජනීය ස්ථාන රාත්‍රී කාලයේ ආලෝකවත් කිරිම මගින් ඓතිහාසික මිහින්තලයට පැමිණෙන සංචාරකයන්ට මුළු රාත්‍රියෙහිම වුවද අටමස්ථානය දැක බලා ගැනීමට හැකිවන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
ඓතිහාසික මිහින්තලා පූජා භූමිය හා අටමස්ථානය රාත්‍රිය පුරා ආලෝකවත් වන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවද අමාත්‍යවරයා කීවේය.
COMMENTS
පැය 24ම සතොස ඇරිය වගේද? එකම ඇමතිනේ?
මේ මොන බොරුවැඩද කරන්නේ..?
වික්‍රමසිංහගේ තවත් වික්‍රමයක්. කාව ගොනාට අන්දන්නද දවල් 12ටත් ලයිට් දානවා කියන්නේ?
ඕක කරන්න ඉස්සෙල්ලා පරිසරවේදීන්ගේ අදහස් ගත්තා නම් හොඳයි. ඔය රෑ එලිවෙනකම් ලයිට් තියෙනවා කියන්නේ සමහර සත්තුන්ගේ පැවැත්ම කෙරෙහි අහිතකර ලෙස බලපාන්නට පුළුවන්...
මේ ඉවසගන්නත් බැරි තරමට දවල්ට ඉර පායන රටේ පැය 24 ම ලයිට් දාන්නේ මොකටද?