(ඩයනා උදයංගනී)
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පැවතීම නිසා බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයන් හි අද (5) රාත‍්‍රියේ සිට මෙම මස 8 වැනිදා දක්වා ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙම මුහුදු ප‍්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙමින් සිටින ධීවරයින්ට අද (5) රාත‍්‍රියට පෙර ආසන්න ගොඩබිම් ප‍්‍රදේශයට හෝ ආරක්‍ෂාකාරී මුහුදු ප‍්‍රදේශයකට ගමන් කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත.
විශේෂයෙන් ත‍්‍රිකුණාමලය සිට මඩකලපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශ අද (5) රාත‍්‍රියේ සහ හෙට (6) දිනවලත් ත‍්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ මෙම මස 7,8 දිනවලත් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑමෙන් දිවයිනේ ප‍්‍රදේශ රැසක සහ අවට මුහුදු ප‍්‍රදේශවල 8 වැනිදා දක්වා තද වැසි ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේත් මිලිමීටර 100, 150 පමණ තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ප‍්‍රදේශ වලද මිලිමීටර 100 ක පමණ වැසි ඇතිවිය හැකි බව එම ප‍්‍රකාශකයා පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානයෙන් සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන්, ධීවර සහ නාවුක ප‍්‍රජාවට දැනුම්දීමක් කර තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මුහුදු නොයන්නැයි ධීවරයන්ට අවවාද