(යොහාන් භාසුර)
කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන්ගේ අසාමන්‍ය ලෙස මියයෑමට ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය බලපෑමක් වී ඇතැයිද තහවුරු කරගැනීමට රටවල් කීපයකට සාම්පල් යොමු කිරීමට තීරණය කර ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.
මොන රටේ කුමන පරීක්‍ෂණාගාරයට සාම්පල් යොමු කරන්නේ දැයි මේ දක්වා තීරණය කර නොමැති බවත් මෙම නෞකා අනතුරෙන් සිදුවූ පරිසර හානියට මෙය හොඳ සාක්‍ෂියක් වීම නිසා ඒවා යොමු කරන රටවල් පරිස්සමට තෝරාගත යුතු බවත් ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.
මෙම කටයුත්තේදී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට රටවල් රැසක් ඉදිරිපත්ව සිටීම නිසා මෙම පරීක්‍ෂණවලට සහය දක්වන ලෙස මේ වන විටත් රටවල් රැසක පරීක්‍ෂණාගාරවලින් ඉල්ලීම් කර ඇති බවත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සිංගප්පූරුවට අයිති එකක් වීම නිසා කිසිවිටක සිංගප්පූරුවට සාම්පල යොමු නොකරන බවත් ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නේ සමූද්‍ර ජීවීන් මියගොස් තිබෙන්නේ දියේ ගිලී හුස්ම හිරවීමෙන් බවයි. ඇමැතිතුමා කියන වාරකන් කතාව මම පිළිගන්නේ නැහැ.
කමිටුවක් පත් කළා නම් අවුරුදු ගණනක් ඇදගෙන යන්න පුළුවන්....!!!
රටේ ඉන්න මී හරක් එක්ක ඉන්න ඇතිවෙලාද?
මේ කාලකන්නි ටික තව කාලයත් හිටියොත් මුළු රටම බේරාගන්න ලෝකෙට වඳින්න වෙයි.
කාගේවත් සහායක් මොකටද? අපේ රටේ වැඩිපුර ඉන්නේ... මහාචාරයවරුන් හා විශේෂඥයින්... බොරුනම් පඳුරකට පයින් ගහලා බලන්න....
ඒ හරිය කරන්න දැනුමක් තියන අය මේ රටේ නැද්ද?
ඔකත් ඡන්දයක් කරගන්න බැරිද
මොකටද ඕකට පිටරටින් කට්ටිය? අර වියත් මගේ ගොඩහේවා දුන්නේ උත්තරේ... ඕක වෙන්නේ වාරකන් කාලෙ හින්දනේ. ඒක අහලා මට තවමත් හිනාව නවත්තගන්න බැරිව බෙහෙත් බොනවා... අනේ මෙහෙම වියත් මගක්...!!!