
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ ඊයේ (19) අලුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මුහුදට දමා තිබූ කේරළ ගංජා කිලෝ 139යි ග්‍රෑම් 100ක පමණ තොගයක් සිය භාරයට ගෙන ඇත.
ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ ගොඩබිමට ගෙන ඒමට නොහැකිව පොලීතින් උර හතරක අසුරා තිබූ මෙම තොගය මුහුදට දමන්නට ඇතැයි සැකකරන බව නාවික හමුදාව පවසයි.
මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරන අතර ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් හතර වන වේග ප්‍රහාරක බලගණයේ පී 401 වේග ප්‍රහාරක මුර යාත්‍රාව, පී 177, පී 178, ඉසෙඩ් 183 සහ ඉසෙඩ් 215 යන වෙරළබඩ මුර යාත්‍රා සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 410 යන යාත්‍රා එක්ව තොන්ඩමනාරු මුහුදු ප්‍රදේශයේ මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇත.
මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශයේ තිබූ ඩිංගි යාත්‍රා රැසක් ද පරීක්‍ෂා කරන ලද අතර එහිදී ජාවාරම් කරුවන් විසින් මුහුදට දමනලද මෙම කේරල ගංජා අඩංගු පොලිතින් උර සොයාගෙන ඇත.
එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි හතරකට අධික වෙතැයි විශ්වාස කරන අතර, ජාවාරම් කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී ලබා ගෙන නාවික මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට ගෙන ඒමට නොහැකිව මුහුදට දමන්නට ඇතැයි නාවික හමුදාව සැක කරයි.
එම කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කිරීමට පියවර ගෙන ඇත.






2025 දෙසැම්බර් මස 04
349
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
401
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුහුදට දමා තිබූ කේරළ ගංජා කිලෝ 139ක් නාවික හමුදා භාරයට