(ඩී.ජී.සුගතපාල)
රජය පෙරලිමේ අරමුණින් සමාජ මාධ්‍යජලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකු රුපියල් ලක්ෂ පහ බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමටත් සැම මසක අවසන් ඉරුදින ගාල්ල පොලිසියේ පෙනි සිටින ලෙසටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ අක්මිමණ තොටගොඩ පදිංචි සුමුදු වෛද්‍යරත්න නමැති 28 හැවිරිදි තරුණයෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මුහුදු බත්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවද රජය විසින් ගෙන්වාගෙන ගිල්ලවා ඇති බවට සැකකරු සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර ඇති බවය.
ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු පලකර තිබේද යනුවෙන් මෙහිදි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසුවිට කියා සිටියේ එවැනි දේ පලකර නොමැති බවය.
මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්ණයකට පිළිතරු දෙමින් ෆේස් බුක් ගිණුම තමාගේ නමින්ම ඇති එකක් බවට සැකකරු පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ අදහසක් කියන්නත් බෑ දැන්... රජය පෙරලෙනවලු. අනේ මෙහෙමත් මෝඩ චූන් ආණ්ඩුවක්....
ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණ කළා නම් විනිසුරුතුමා ඇපදෙයිද? පොලිස් ගිරව් ගොතන කතා ගෙඩි පිටින් ගිලින්න එපා. ඔයාලත් මාධ්‍යයේනේ...
ඉතින් ආණ්ඩුවේ එහෙම නෑ කියලා හේතු පැහැදිලි කරලා.. ඒ වගේම පෝස්ට් එකකින් උත්තර දෙන්න තිබුණානේ. ඕවා තමයි ආණ්ඩුවේ ඉන්න කේවට්ටයින් කරන ගොන් වැඩ. EU එක GSP ඉවත් කරන්න ඕනෑ කියලා පෙන්නුවේ මේවා තමයි....
සමන්ත රටේ දැවෙන ප්‍රශ්න විසඳන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ. හැබැයි මිනිස්සු අත්අඩංගුවට ගන්න, හිරිහැර කරන්න කොන්ද පණ තියෙනවා. මේ සියල්ල කරන මිනිසුන් කවුද යන්න අප දන්නවා. ඔවුන් එකක් මතක තබාගත යුතුයි. එනම් ජනතාවට රජය විවේචනය කිරීමට, සාමකාමී ලෙස උද්ඝෝෂණ කිරීමට සහ රට විනාශ කාරන්නේ පවතින රජය නම් එය පෙරලා දැමීමටද ව්‍යවස්ථාවෙන්ම බලය ලබා දී ඇති බව. ඔහු කිව්වා නම් නැව අනතුර දැක දැක වන්දි ගන්න ගෙන්නුවා කියලා, ඔව් එහෙම හිතන්න මිනිස්සුන්ට අයිතියක් සහ සාධාරණ සැකයක් තියෙනවා. එ්කට ඔහු අත්අඩංගුවට ගන්න කාටවත් බලයක් නෑ. හැබැයි වැරදි ලෙස බලය පාවිච්චි කළොත්, ඒවගේ ප්‍රතිඵල අනිවාර්යෙන්ම විඳින්න ලෑස්ති වෙලා කරන්න කියලා ඔය ලොකු පුටුවල ඉන්න කාටකාටත් කියන්න කැමැතියි...
ඔන්න පටන් අරන්...!!!
මෙසේ නිදහස් කිරීමට විරුද්ධව මිනිසුන් පාරට බැසිය යුතුයි. මෙසේ හිතුණු හිතුණු විදියට බොරු දාලා මෙහෙම නිදහස් වෙන්න පුලුවන් නම් හැමදාම මේ රටේ බොරුම පතුරවයි ...
මාධ්‍ය මගින් පුම්බලා උඩ ඇරපු පිස්සන් වගේ නෙවෙයි, මතකනේ, ගඩාපි, සදාම් හුසේන්, හොස්නි මුබාරක්ලා වගේ දක්ෂ ඒකාධිපති පාලකයින්ට අත්වුණු ඉරණම. වටේටම මුර බල්ලන් දාගෙන තමන් ආරක්ෂා වෙලා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න දඟලනවා නම්, ඒ තමයි ඔවුන්ගේ පැවැත්මේ අවසානය. ඔය අසත්‍ය ප්‍රවුර්ති පලකරනවාට මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ මේ රටේ ජනතාව නයි නටවා මුලා කල අයයි.