(සුජිත් හේවාජුලිගේ)
තම දරුවන් අගහිඟතාව හේතුවෙන් මෙහෙකාර සේවයට දී ඇත්නම් වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානවලට දැනුම් දෙන්නැයි මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය .
මෙහෙකාර සේවයේ යෙදී සිටින තම දරුවන්ට කිසිවකුගෙන් හෝ අඩන්තේට්ටම් සිදුවන්නේ නම් ඒ පිළිබඳවද නිහඬව නොසිට ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්නැයි වීරසේකර මහතා ඉල්ලීමක් කරයි .
මෙහෙකාර සේවයේ යොදවා සිටින බාලවයස්කාර දරුවන් සොයා විශේෂ මෙහෙයුමක් අරඹා ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
803
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2453
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ඉල්ලීමක්
Nanda Saturday, 24 July 2021 03:24 PM
ඔබට ස්තුතියි. මෙය නීති විරෝධී ...
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 24 July 2021 03:38 PM
රජයක් හැටියට තම රටේ මිනිසුන් අගහිඟතා මැද ඔවුන්ගේ බාලවයස් දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම ගැන සැබැවින්ම,එම රජය ලජ්ජාවිය යුතුයි.රජය විසින් ක්‍රියාත්මක කරවිය යුත්තේ,ඒ අඩු ආදායම් ලාභීන් සදහා කිසියම් ආර්ථික සහනයක් සාධාරණයක් ඉෂ්ඨ කිරීමයි. පොලීසිය කරන්නේ,ඔවුන්ගේ රාජකාරිය පමණයි.ඒත්,මෙසේ බොහෝ පවුල් වල සිටින දරුවන්ට මෙපමණ දුක් ගැහැට ලැබුණත් ,මේ රටේ දේශපාලකයන්ගේ වත්කම් කොපමණද ? ඔවුන් හොරා කෑ හා හොරාකන,මුදල්, කොමිස් ඇතුළු සියලු සම්පත් කොපමණද? දේශපාලකයන්ගේ වත්කම් බැරකම් සොයා,අයුතු ලෙස ඉපයූ මුදල් හා දේපල යොදවා දුප්පත් දරුවන්ට සුවදායී ජීවිතයක් ලබාදිය හැකියි නේද ?
Jothi Saturday, 24 July 2021 04:49 PM
වියයුත්තේ මෙයයි. අනුන්ට දොස් කීමෙන් ඵලක් නැත. ඇමතිතුමනි ඔබට පිං....
vinivida Saturday, 24 July 2021 05:00 PM
මේ වනවිටත් රුපියල් 1000ක මුදලක් දෙමපියන් හට ලබාදී පොලිසි නොයවා මෙහෙකාර සේවයේ යොදවා සිටින බාලවයස්කාර දරුවන් හොර පාරෙන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන ගොස් බාර දී තිබෙන්නට පුළුවනි. මෙවැනි වසර ගණනාවක් රට තුළ සිදු වූ සිදුවීම් එක දිනකින් විසඳුම් සෙවීමට පෙර ගැඹුරු විශ්ලේෂණයකින් පසු මෙහෙකාර සේවයේ සිටින දරුවන්ට වාසි වන සාර්ථක තීන්දු ගැනීමට හැකිව තිබියදී කලබල වී හදිසියේ සොරුන් අල්ලා ගැනීමට කරන වැටලීමක් මෙන් දරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ඇරඹීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ.
rocky Saturday, 24 July 2021 05:14 PM
මෙච්චර දවස් නිදාගෙන හිටියා වගේ ... ළමයින්ටත් හමුදා පුහුණුවක් දුන්නොත් නරකද?
Deepal Nirosh Saturday, 24 July 2021 08:35 PM
කරන්න පුළුවන් දෙයක් කතා කරමු. රටේ ජනමාධ්‍ය නොතිබුණා නම් අර අහිංසක ඉෂාණි දැරිවියගේ මරණයත් මෙලහට සිය දිවි නසා ගැනීමක් පමණයි...
ලලිත් එම් Sunday, 25 July 2021 12:49 AM
අවුරුදු 73ක් වුණා සුද්දන්ගෙන් නිදහස ලබලා. ඇමැතියෙක් ලැජ්ජා නැතිව මෙහෙම කරන්න කියලා කියන්න පුළුවන්ද? ඔවුන් රට දියුණු කළා නම්...
Sunil Sunday, 25 July 2021 06:39 AM
මෙච්චර කල් නිදන් හිටියද?