(රංජන් කස්තුරි)

වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය ස්ථාපිත කළ යුත්තේ කුළියාපිටිය රෝහලේ නොව කුරුණෑගල රෝහලේ යැයි රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට අවශ්‍ය සියලු පහසුකම් තිබෙන්නේ කුරුණෑගල පළාත් මහරෝහලේ බවද රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සමබන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පවසයි.

වෛද්‍ය සිසුන්ට සාහනික පුහුණුව ලබාදිය යුත්තේ වෛද්‍ය සභාව අනුමත කරන ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඇති රෝහලක බවද ඒ අනුව සුදුසුම රෝහල කුරුණෑගල රෝහල බවද වෛද්‍ය ඉන්දික රත්නායක මහතා කීවේය.

කුරුණෑගල පළාත් රෝහල ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම රෝහලවන අතර දිස්ත්‍රික්ක පහක රෝගීන් එම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන බවද  වෛද්‍ය ඉන්දික රත්නායක මහතා කීවේය.