
(නිමන්ති රණසිංහ)
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සැකකරුවෙකු වශයෙන් නම් කර මෙම නඩුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ප්‍රකාශ කළේය.
දැරිය මෙහෙකාර සේවයේ යෙදී සිටි අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පිහිටි නිවසේ ගෘහ මූලිකයා වශයෙන් කටයුතු කරමින් දැරිය මෙම නිවසට රැගෙන ඒම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දැනුවත්ව සිදුව ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන සැකකරුවකු වශයෙන් නම් කිරීමට නියමිත බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
හිටපු අමාත්‍යවරයා මේ වන විට වෙනත් විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බැවින් එම විමර්ශන අවසන් වූ වහාම මෙම නඩුවට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය දහසය හැවිරිදි ජූඩ් කුමාර් ඉෂාලිනී නමැති දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද යළි අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා, ඇගේ පියා අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන්, ඇගේ සහෝදරයා කිදර් මොහොමඩ් සියාබ්දීන් ඉස්මත් සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු පොන්නයියා බන්ඩාරම් නොහොත් ‘සංඛර්’ පොලීසිය විසින් අද අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.
මිහිදන් කර ඇති දැරියගේ සිරුර නැවත ගොඩ ගෙන ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය නිලධාරී මඩුල්ලක් හමුවේ නැවත පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළාය.
විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්. එන්. රුහුල් හක් මහතාගේ අත්සනින් යුතුව මින් ඉහතදී ඉදිරිපත් කළ මියගිය දැරියගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව ද පරීශීලනය කරමින් මිහිදන් කර ඇති දැරියගේ සිරුර ගොඩගෙන නැවත වරක් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට අවසර ලබා දෙන ලෙසට පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නික-ුත් කෙරිණී.
පැමිණීල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සමඟ බොරැල්ල පොලීසිය, කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු වැඩිදුර බී වාර්තාවක් ද සමඟින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥ අනිල් සිල්වා, ජනාධිපති නිතීඥ කේ. සී. තවරාසා, නිතීඥ ගෞරි තවරාසා, නිතීඥ එන්. එම්. ෂයිඩ් සහ නිතීඥ රුස්ඩ් හබීබ් යන මහත්වරු ඇතු`ථ නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඉකුත් 03 වැනිදා පෙරවරු 6.45ට පමණ දැරියගේ සිරුරට ගිනි ඇවිලී ඇති බවට විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගෙන ඇති අතර, ඇය රෝහලට ඇතුළත් කර ඇත්තේ පෙරවරු 8.30ට පමණ බවත්, පැය දෙකක පමණ කාලයක් ඇයට ප්‍රතිකාර ලබා නොදී සිටීම පිළිබදව සැකයක් මතුව ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.
එමෙන්ම මෙම දැරිය සිරුරට ගිනි ඇවිලීමෙන් පසු රෝහල් ගත කර සිටියදී හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සිටි පොලිස් නිල ඇදුමක් හැඳි පුද්ගලයකු විසින් දැරියගේ සහෝදරයා අමතා ‘මෙය ගොඩින් බේරා ගැනීමට’ යැයි පවසමින් කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ වී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වන හිටපු අමාත්‍යවරයාගේ මාමණ්ඩිය විසින් දැරිය රෝහලේ ගත කිරීමේදී දැරියගේ වයස සහ නම ඇතු`ථ සියලු විස්තර ව්‍යාජව සහ පරස්පරව ලබා දෙනු ලැබ තිබීම සම්බන්ධයෙන් ද ප්‍රබල සැකයක් මතුව ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
(ඡායාරූප ළහිරු හර්ෂණ)



2025 නොවැම්බර් මස 04
185
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2068
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙහෙකාර දැරිය මිය ගිය සිද්ධියේ රිෂාඩ් සැකකරුවකු කරයි
siripala Monday, 26 July 2021 06:18 PM
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මියගිය දැරියට නිදා ගැනීමට ලබාදී තිබූ තැන...! රටට පෙන්වන්න. මෙය කිසිසේත්ම සැඟවීමට අවශ්‍ය නැත.