IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


මුස්ලිම් සාම සමුළුව ඥානසාර හිමිට පොදු සමාව දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි


 
(රංජන් කස්තුරි )                                          

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් සාම සමුළුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රටට සේවයක් කළ ප්‍රකට භික්ෂු නමක් බවද උන්වහසේට නිදහස ලබාදීම බෞද්ධයින්ගේ පමණක් නොව අන්‍යාගමිකයින්ගේ ද සතුටට හේතුවනු ඇතැයි ද අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් සාම සමුළුවේ නියෝජිත එස්.එල්.එම්. හනීෆා මදනීගේ අත්සනින් යුතුව ලිපියක් යවමින් එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

තවද වසර ගණනාවක් තිස්සේ දේශපාලන සිරකරුවන් ලෙස සිටින්නන් නිදහස් කරන ලෙසද  එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.



අදහස් (14)

මුස්ලිම් සාම සමුළුව ඥානසාර හිමිට පොදු සමාව දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි

nisar Monday, 28 January 2019 11:57 AM

අන්න එහෙමයි අපි. වරදක් කළත් සමාව දෙනවා.

:       304       270

Sri Lankan Muslim Monday, 28 January 2019 11:59 AM

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රටට සේවයක් කළ ප්‍රකට භික්ෂූන්වහන්සේ නමක් බවද, උන්වහන්සේට නිදහස ලබාදීම බෞද්ධයින්ගේ පමණක් නොව අන්‍යාගමිකයින්ගේද සතුටට හේතුවනු ඇතැයිද අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් සාම සමුළුවේ නියෝජිත එස්.එල්.එම්. හනීෆා මදනීගේ අත්සනින් යුතුව ලිපියක් යවමින් එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

:       215       254

smn Monday, 28 January 2019 12:22 PM

ඥානසාර හාමුදුරුවන් ගැන මුස්ලිම් කොංග්‍රසයට හදිසියේ ඇතිවෙච්ච ලෙන්ගතුකම ගැන පුදුමයි. උන්වහන්සේ බන්ධනාගාරයට ගියේ මුස්ලිම් අයට කරපු අරියාදුවක් නිසා නෙවෙයි. උසාවියට අපහාස කිරීමේ වරදටයි. එක්නැලිගොඩ නෝන කියන හන්දා හිරේම තියන්නවත්, මුස්ලිම් කොංග්‍රසය කියන හින්දා නිදහස් කරන්නවත් අවශ්‍ය නැහැ. ඒක උසාවියයි, ජනාධිපතිතුමයි බලා ගත්තාවේ...

:       326       539

Vipula Monday, 28 January 2019 01:01 PM

මේ පිළිබඳව අදහස් පල කිරීමට වේලාසන වැඩියි. ඒ නිසා අපි බලමු තව ටික දවසක් ඇයි මේ පිරිස උන් වහන්සේ නිදහස් කරන්න කියන්නේ කියලා.....

:       63       254

චන්දන ගමගේ Monday, 28 January 2019 04:49 PM

ඇත්තෙන්ම අපේ හාමුදුරුවො සටන් කලේ සිංහල, දමිල, මුස්ලිම් සියලු දෙනාගේම නිදහස වෙනුවෙන් ඥානසාර හාමුදුරුවෝ සිරගත වුනේ ඇයි කියලා රටට ආදරේ ඕනෑම කෙනෙක් දන්නවා.

:       26       151

Bamunuarachchi Monday, 28 January 2019 05:27 PM

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සේවය රටට ඉතාමත් අවශ්‍ය කාලයයි. අපි ඔබවහන්සේ එනතුරු මග බලාගෙන ඉන්නවා

:       305       139

සෙනෙවි Monday, 28 January 2019 05:36 PM

වෛරයෙන් වෛරය නොසන්සිදේ කියන බුදු දහමේ කියමන අයිති සිංහල බෞද්ධයන්ට පමණයි. ඒක නිසා මෙහෙම ඉල්ලීමක් කරන්න අයිතියක් නොමැත

:       154       32

nimal Monday, 28 January 2019 06:11 PM

මේ බළලා පැනලා තියෙන්නේ මල්ලෙන් එලියට අන්තිම වාක්‍යයෙන්. තවද වසර ගණනාවක් තිස්සේ දේශපාලන සිරකරුවන් ලෙස සිටින්නන් නිදහස් කරන ලෙසද එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

:       9       33

ෂෆීක් Tuesday, 29 January 2019 04:24 AM

හොද යෝජනාවක් ….

:       40       0

ruwan Tuesday, 29 January 2019 04:41 AM

ඇත්තෙන්ම අපේ හාමුදුරුවො සටන් කලේ සිංහල, දමිළ, මුස්ලිම් සියලු දෙනාගේම නිදහස වෙනුවෙන් ???? ඔව් ඔව් උසාවියට අපහස කලේ රට ජාතිය වෙනුවෙන් ඔබතුමා හරි

:       0       33

sampath Tuesday, 29 January 2019 08:16 AM

මේකේ අන්තිමට තියනවා අනෙකුත් දේශපාලන සිරකරුවනුත් නිදහස් කරන්න කියල. ඒ කවුද ?

:       0       4

KANDEPOLA Tuesday, 29 January 2019 10:23 AM

යම් වරදකට යමෙක් දඬුවමක් ලෙස සිර ගත කල යුතුනම්, මේ රට නීතියේ ආදිපත්‍ය සුරකින රටක් නම්, සිරගත කල යුතු පුද්ගලයින්ගේ පෝලිමේ ඥානසාර හාමුදුරුවෝ ඉන්නේ ගොඩක් පිටිපස්සෙන්.

:       0       0

rocky Wednesday, 30 January 2019 12:54 AM

අපේ අධිකරණය මේ හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලන්නත් ඕනද? උසාවියෙන් වැරදිකරු කරපු කෙනෙකුට සමාව දෙන එක අධිකරණයට අපහාසයක් නොවෙයිද?

:       0       0

BamunuarachchiWednesday, 30 January 2019 01:03 PM

අන්තර්ජාලයට ගොඩවෙලා බලන්න මීට පෙර ලංකාවේ ජනාධිපති සමාව ලැබූ අයගේ නම් සහ ඔවුන්ගේ පැටිකිරිය. ඔබ ඒවා කියෙව්වොත් නළලට අතගසා ගනීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1447 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1305 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 471 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site