(පද්මා කුමාරී කංකානම්ගේ)
තව්හීද් ජමාද් සංවිධානය හා අන්තවාදී මුස්ලිම් සංවිධානයන් සමග ඍජු බුද්ධිමය සම්බන්ධතා පැවැත්වූ බවට සැකසහිත, මුස්ලිම් ජාතික මව්ලවිවරයෙකු, කල්පිටිය පොලිසිය විසින් අද (4 )දින, අත් අඩංගුවට ගෙන ඇත.
ජාතික බල සේනා නම් වටරැක විජිත හිමි හා මුස්ලිම් ජාතිකයින්ගෙන් සැදුම්ලත් සංවිධානය මගින් 2014 අප්‍රේල් මස කොළඹ නිපෝන් හෝටලයේ පැවැත්වීමට ගිය මාධ්‍ය සාකච්ඡාවක් සඳහාද, මෙම පුද්ගලයා සහභාගි වී ඇති බැව් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණාසාර හිමියන් ප්‍රමුඛ බොදු බල සේනා හිමිවරුන්ගේ මැදිහත්වීමෙන් එම මාධ්‍ය සාකච්ඡාව බිඳවැටී තිබිණි.
කල්පිටිය කන්දකුලිය පදිංචි, මෙම මවුලවිවරයා 40 හැවිරිදි විවාහකයෙකි.
සැකකරුගෙන් වැඩි දුර ප්‍රශ්න කරණු ලැබේ.
කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව හුරතල් කර කර හිරේ දාගෙන ඉන්න එපා. මනස අධර්මයකින් දුෂණය වුනාට පස්සේ ඔවුන්ව යථා තත්වයට ගෙන එම අති විශාල භාරදුර්යය කාර්යයක්. එහෙම නිවැරදි මාර්ගයට ගන්න පුළුවන් අය වැඩි පිරිසක් ඔතන ඇති නමුත් සුළු පිරිසක් ඉන්නවා එහෙම කරන්න බැරි අන්න ඒ පිරිස වහාම හදුනාගෙන අනෙක් අයගෙන් ඉවත් කරන්න. නැතිනම් වෙන්නේ නිකන් හිරේ දාගෙන කන්න බොන්න දිදී ත්‍රස්තවාදියෙක් ඇති කිරීම පමණයි.