IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුස්ලිම් මව්ලවිවරයෙක් සැකපිට අල්ලයි

(පද්මා කුමාරී කංකානම්ගේ)
 
තව්හීද් ජමාද් සංවිධානය හා අන්තවාදී මුස්ලිම් සංවිධානයන් සමග ඍජු බුද්ධිමය සම්බන්ධතා පැවැත්වූ බවට සැකසහිත, මුස්ලිම් ජාතික මව්ලවිවරයෙකු, කල්පිටිය පොලිසිය විසින් අද (4 )දින, අත් අඩංගුවට ගෙන ඇත.

ජාතික බල සේනා නම් වටරැක විජිත හිමි හා මුස්ලිම් ජාතිකයින්ගෙන් සැදුම්ලත් සංවිධානය මගින් 2014 අප්‍රේල් මස  කොළඹ නිපෝන් හෝටලයේ පැවැත්වීමට ගිය මාධ්‍ය සාකච්ඡාවක් සඳහාද, මෙම පුද්ගලයා සහභාගි වී ඇති බැව් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණාසාර හිමියන් ප්‍රමුඛ බොදු බල සේනා හිමිවරුන්ගේ මැදිහත්වීමෙන් එම මාධ්‍ය සාකච්ඡාව බිඳවැටී තිබිණි.

කල්පිටිය කන්දකුලිය පදිංචි, මෙම මවුලවිවරයා 40 හැවිරිදි විවාහකයෙකි.

සැකකරුගෙන් වැඩි දුර ප්‍රශ්න කරණු ලැබේ.

කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

මුස්ලිම් මව්ලවිවරයෙක් සැකපිට අල්ලයි

රජින්ද Saturday, 04 May 2019 01:08 PM

මේ අයව හුරතල් කර කර හිරේ දාගෙන ඉන්න එපා. මනස අධර්මයකින් දුෂණය වුනාට පස්සේ ඔවුන්ව යථා තත්වයට ගෙන එම අති විශාල භාරදුර්යය කාර්යයක්. එහෙම නිවැරදි මාර්ගයට ගන්න පුළුවන් අය වැඩි පිරිසක් ඔතන ඇති නමුත් සුළු පිරිසක් ඉන්නවා එහෙම කරන්න බැරි අන්න ඒ පිරිස වහාම හදුනාගෙන අනෙක් අයගෙන් ඉවත් කරන්න. නැතිනම් වෙන්නේ නිකන් හිරේ දාගෙන කන්න බොන්න දිදී ත්‍රස්තවාදියෙක් ඇති කිරීම පමණයි.

:       14       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site