(දසුන් රාජපක්ෂ)
රජය විසින් ක්‍රියාත්මක කළ වී මිලදී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ වී මෙට්‍රික් ටොන් 5217 ක් මේ මාසය තුළදී මිලදී ගෙන ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (18) පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප්‍රදේශ 12 කින් මිලදී ගෙන තිබෙන මෙම වී මෙට්‍රික් ටොන් 5217 සඳහා රුපියල් කෝටි 26 කට අධික මුදලක් රජයට වැය වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ වී මිල දී ගැනීමේ කටයුතු සිදු කළ බව ද ඒ මහතා කියා සිටියේය.
සහල් සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීමට වී මිලදී ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව සහල් කිලෝවක් සඳහා රුපියල් 100 නොඉක්මවන ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට මේ වන විට රජයට හැකිවී තිබෙන බව ප්‍රකාශ කළේය.
මෙම සතිය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් තවත් වී තොග මිලදී ගැනීමට නියමිතව ඇති බවද, වසර තිහකට පසු අස්වැද්දූ වන්නි දිස්ත්‍රික්කයේ වී තොගයක් ද මිලට ගැනීම සඳහා රජය අපේක්ෂාවෙන් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාසයක් තුළ වී මෙට්‍රික් ටොන් 5217 ක් මිලදීගෙන
නිමල් Tuesday, 18 February 2020 03:48 PM
2018/2019 මහා කන්නේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3,072,581 (තිස් ලක්ෂ හැත්ත දෙදහස් පන්සීය අසු එකයි) මෙට්‍රික් ටොන් 5217 මිලදී ගත්තා කියන්නේ මහා කන්නේ වී නිෂ්පාදනයෙන් 0.17% රජයෙන් මිලදී ගෙන තියෙන්නේ.