මාසික සේවා ගාස්තු ගෙවීමට පාරිභෝගිකයාට ලබා දීඇති කාල සීමාව දීර්ඝ කර සහනයක් සළසා දෙන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම ඉල්ලීම සම්බන්ධව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ලිඛිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව ජනතාවට මාසිකව ගෙවීමට ඇති දුරකතන, විදුලි, ජල බිල්පත් මෙන්ම ජලබිල් ණය කාඩ් ගෙවීම් ලීසිං වාරික ඇතුළු ගෙවීම් සඳහා මෙම සහනය ඉල්ලා ලිඛිතව යොමු කිරීමට පියවර ගත් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
කොරෝනා වයිරසය රටේ ව්‍යාප්ත වීමත් සමඟ බොහෝ ආයතන වසා දැමීමෙන් මාසික වැටුප ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මෙන්ම එදිනෙදා වැටුප් ලබන පිරිසද ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින බවද එම ලිපියේ දක්වා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකින්ට මේ දේ තේරෙන්නේ නම් අපිට මෙහෙම කලක් යාවිද?
අනිවාර්යයෙන්ම අපහසුතා තියෙන අයට මාසෙක දෙකක සහන කාලයක් දෙන්න ඕන.. පනතක් ගෙනත් සම්මත කරන්න වෙනවා..