
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාසල් සිසුන් හා අමතර පන්ති සිසුන් ඉලක්ක කරගෙන ‘මාවා’ නැමැති මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත සංවිධානාත්මක කල්ලියකට අයත් තිදෙනෙක් කළුතර ප්‍රදේශ දෙකක දී මාවා කිලෝ අටක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි .
අත්අඩංගුවට පත් වූවන් අතර කාන්තාවක් ද වන බව පොලිසිය පවසයි.
කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කළුතර දකුණ පොලිස් වසමේ සිදුකළ ක්ෂණික මෙහෙයුමක දී මරික්කාර් වීදිය සහ වෙට්ටුව කඩේ ප්‍රදේශවල අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd