



(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පිහිටි පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රි යන ප්‍රධාන ජලාශ පිටාර මට්ටමට ඉතා ආසන්නව ඇතැයි එම ජලාශ බාර ඉංජිනේරුවෝ පවසති.
මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම අද(10) පිටාර මට්ටමට පිළිවෙළින් අඟල් 18 ක් හා අඟල්12 ක් වශයෙන් පැවති බව ඔවුහු කීහ.
මාවුස්සාකැලේ ජලාශය අක්කර අඩි 93400 ක් හා කාසල්රි ජලාශය අක්කර අඩි 68,000 ක ජල ධාරිතාවකින් සමන්විත වේ.
ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන ජලවිදුලි බලාගාර 5 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මෙම ප්‍රධාන ජලාශ දෙකෙනි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.