IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මව්පියන්ගේ අකමැත්තෙන් විවාහ වූ පුතුට අපූරු පාඩමක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

තම පුතු මව්පියන්ගේ අකමැත්ත මත විවාහයක් කර ගැනීමට විරෝධය දැක්වමින් නිවසට ඇතුළුවන දොර වසා දැමීම නිසා අලුතගෙනා මනමාලිය සමග තමාට ඉහළ මහළයේ ඇති කාමරයට ඉනිමගකින් යාමට සිදු ව ඇතැයි අම්පාරේ තරුණයකු උහන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා ඇත.

තමා සහ බිරිය උඩුමහලේ ජීවත් වන අතර ඊට නිවසේ පිටතින්  ඇතුළුවීමට පඩිපේලියක් නැතැයි ද මව පියා සහ සහෝදරියන් තිදෙනා නිවසේ ප්‍රධාන දොරට අගුලු දමාගෙන සිටින බව ද එම තරුණයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

තමාට සහ බිරියට නිවසින් එළියට යාම සඳහා ප්‍රධාන දොර විවෘත කර තබන්නැයි මව්පියන්ට බල කරන්නැයි ද එම තරුණයා පැමිණිල්ලෙන් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.

30 හැවිරි මෙම තරුණයා  උහන පදිංචිකරුවකු වන අතර කලක් විදේශ ගතව රැකියාවක් කළ අයකු බවද පසුගිය අගෝස්තු මාසයේ විවාහ වී ඇතැයි ද පොලිසිය කියයි.

මුහුණු පොතෙන් දැන හඳුනාගත් බදුල්ලේ තරුණියක සමග විවාහ වී ඇත්තේ මව්පියන්ගේ දැඩි විරෝධය මැද්දේ බව ද පොලිසිය සඳහන් කරයි.



අදහස් (3)

මව්පියන්ගේ අකමැත්තෙන් විවාහ වූ පුතුට අපූරු පාඩමක්

කිරි පුතා Friday, 24 September 2021 11:31 AM

දෙමාපියන් අකමැති නම් කිසිවෙකුටත් කිසිවක් කළ නොහැකිය. පොලීසියට ඉල්ලීමක් කළ හැකිය.

:       6       15

චන්දන Friday, 24 September 2021 12:08 PM

තමන් බැඳගත්තෙ ඉන්න හිටින්න තැනක් නැතිව ද. බැන්දට පස්සේත් දෙමාපියන් එක්ක ඉන්න බලන අයට හොඳ පාඩම.

:       1       22

Bamunuarachchi Friday, 24 September 2021 05:15 PM

පව්ලේ එකඟතාවය නැතුව වැඩ කළාම රජ පව්ලේ හැරී කුමාරයාටත් එකයි ඔබ පවුලේ ඔබටත් එකම නීතියයි. එඩ්වඩ් රජුට රජ කමත් නැති උනා. පවුලට එපා.

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site