(දසුන් රාජපක්ෂ)
මාවනැල්ලේ දී බුදු පිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට තමා කිසිඳු අවස්ථාවක බලපෑම් එල්ල නොකළ බව ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (14) පැවසීය.
මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට අසමත් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා ඔහුගේ නොහැකියාව වසා ගැනීම සඳහා තමා එම විමර්ශනවලට මැදිහත් වූ බව පවසන්නේ යැයි නාවලදී අද (14) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී අසාද් සාලි මහතා පවසා සිටියේය.
මෙම බුදු පිළිම කැඩීමේ සිද්ධිය මුල් කර ගනිමින් රට තුළ ඇති වීමට ගිය කෝලාහාලය නවත්වා ජනතාව සන්සුන් කිරීමට එදා තමා කටයුතු කළ බව ද අසාද් සාලි මහතා සඳහන් කළේ ය.
ජාතීන් අතර කෝලාහලයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් තමා 2018 දෙසැම්බර් 16 හෝ ඊට ආසන්න දිනක හිටපු පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සමඟ බුදු පිළිම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සැඟවී සිටි ස්ථානය හෙළිකිරීමට කැමතිව සිටි ඔවුන්ගේ පියා ආරක්ෂක අංශ වෙත හඳුන්වාදීමට මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කර විමර්ශනවලට සහය දැක්වූ බව ඒ මහතා කීය.
සිංහලයන් අතර අසාද් සාලි පිළිබඳව ජාතිවාදී අදහස් පතුරුවා ඉන් දේශපාලන වාසි ලබා ගෙන එළඹෙන මහ මැතිවරණයේදී පාලිත සිරිවර්ධන මහතා පොහොට්ටුව ලකුණින් තරඟ වැදීමට සූදානමක් පවතින බව ද අසාද් සාලි මහතා වැඩි දුරටත් කියා සිටියේය.
එමෙන්ම තමා ජාතිවාදී ස්ථාවරයක සිටින බව හුවා දැක්වෙන අසත්‍ය ප්‍රචාර සිදු කරන මාධ්‍ය ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බව හෙතෙම ඒ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1010
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ විමර්ශන වලට බලපෑම් කළේ නෑ‘‘