IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මාලි බෝම්බ ප්‍රහාරය ගැන එක්සත් ජාතීන් පරීක්ෂණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනකුට මරු කැඳවමින් මාලිහිදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භටයන් ඉලක්ක කරමින් සාම සාධක හමුදා සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මාලි රාජ්‍යයට අවධාරණය කරයි.
 
සාම සාධක හමුදා ඉලක්ක කරගනිමින් එල්ල වූ එම ප්‍රහාරයෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවල නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරයකු සහ කෝප්‍රල්වරයකු මියගොස් තවත් හයදෙනෙක් තුවාල ලැබූහ. 
 
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් හමුදා සෙබළුන් ගමන් කරමින් සිටි රථ පෙළකට එල්ල වූ එම ප්‍රහාරය හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා නිවේදනයක් ද නිකුත් කළේය. 
 
“එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය අනුව යුද අපරාධයක්” යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙනුවෙන් නිව්යෝක් නුවර ඔහුගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි. 
 
ත්‍රස්ත ක්‍රියා මර්දනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ හමුදා සහ පොලිස් නිලධාරීන් 14,000කට වැඩි පිරිසක් 2013 වසරේ සිට මාලි රාජ්‍යයේ ස්ථාපිත කර සිටිති.
 
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා වෙත ප්‍රහාර එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර අපරාධකරුවන් අධිකරණයට ගෙන එන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් මාලි රාජ්‍යයට අවධාරණය කළේය. 
 
ඒ.එෆ්.පී. ඇසුරිනි 
 
055 



අදහස් (3)

මාලි බෝම්බ ප්‍රහාරය ගැන එක්සත් ජාතීන් පරීක්ෂණයක් ඉල්ලයි

Hafeel Sunday, 27 January 2019 03:26 PM

එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රණවිරුවන්ට යුද අපරාධ කළ බව චෝදනා කරද්දීත්, ඇයි එක්සත් ජාතීන්ගේ සහායට අපේ රණවිරුවන්ව යවන්නේ?

:       96       43

RaveendraSunday, 27 January 2019 05:23 PM

Hafeel මයා වෙත, ඔබ අසා ඇත්තේ දියවන්නා ඔයේ ඉන්න අයගේ උන්හිටි තැන් අමතක වෙන ප්‍රශ්නයක්නේ. යුද අපරාධවලට දඬුවම් කළයුතුයි.., කියන ගවයන් ඩොලර් ලැබෙනකොට වස්ත්‍ර නැතිව ඒ ලැබෙන මුදල් දිහා මූසල කටවල් ඇරගෙන බලාගෙන ඉන්නේ... එතකොට අපේම තමන්ගේම රටේ හමුදාව මේ අය කෙසේ පත්කර ඇද්ද? එම හමුදාවම එවන මුදල් ගැන මීයට පිම්බා වගේ... අවංකව බලන්න කොච්චර නිවටද ඔබේ අපේ මුදල්වලින් සැප විඳින මේ නිවට දේශපාලකයන්ගේ ස්වරූපය...

:       76       217

සුරංග Monday, 28 January 2019 01:44 PM

මහත්මයා හමුදාවේ අකමැත්තක් නෑ... මේ මෙහෙයුම්වලට යන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 57 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1009 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site