(සුනිල් ධර්මබන්දු ද සිල්වා)
ගමේ විහාරස්ථානයට සුපුරුදු පරිදි මල් කඩා ගෙන ඒමට යන බව පවසා හිමිදිරි උදයේ නිවසින් බැහැරව ගිය අයෙකුගේ සිරුර වැලිගම, ගංදූව වෙරළට ගොඩ ගසා තිබියදී හමු වූ බව වැලිගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වැලිගම පොලිස් වසමේ පැළෑන ප්‍රදේශයේ පදිංචිව සිටී 57 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු සංචාරක හෝටලයක අයිතිකරුවෙකි.
ඔහු සෑම දිනකම පාහේ ගමේ විහාරස්ථානයට මල් කඩා ගෙන ඒම සිරිතක් වශයෙන් කර ගෙන ගොස් ඇත.
ඉකුත් ජූලි 12 දින උදේ 5.45ට පමණ පන්සලට මල් කැඩීමට යන බව පවසා ඔහු යතුරුපැදියෙන් නිවසෙන් බැහැරව ගොස් ඇත.
එදින සිට අද වන තෙක් ඔහු අතුරුදහන් ව සිට ඇති අතර ඔහුගේ සිරුර වැලිගම ගංදූව වෙරළට ගොඩ ගසා තිබියදී හමු වී ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.