(*** නාලක සංජීව දහනායක)
මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල සිදුවන අක්‍රමිකතාවයන් සහ නීති විරෝධී ක්‍රියාවන් සොයා බලා වාර්තා කිරීමට මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්‍ෂ්මන් මහතා විසින් ත්‍රීපුද්ගල කමිටුවක් පත්කරනු ලැබ ඇත.
ජනාධිපති නීති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සමාජිකයන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අධ්‍යක්‍ෂ කේ.ජී.පී සිරිකුමාර, මහ බැංකුවේ නොවන මූල්‍ය සමාගම් කළමනාකරණය කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂ ජේ.පී ගම්ලත් මහත්වරු කටයුතු කරති.
මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් මගින් සිදුකරන ෆිනෑන්ස් සහ ලීසිං ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සහ ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් විසින් තම ගනුදෙනු සිදුකිරීමේදී සිදුකරනු ලබන සමාජය අනුමත නොකරන ක්‍රියාවන් සොයාබලා ගතයුතු ඉදිරි පියවර හා නිර්දේශයන් පිළිබඳ වාර්තාවක් දින 14 ඇතුළතදී තමාට ලබාදෙන ලෙස මහබැංකු අධිපතිවරයා මෙම කමිටවුට නියෝග කර ඇත.
බැංකු ක්‍ෂේත්‍රයේ හා නීති ක්ෂේත්‍රයේ විශාරදයන් හා වෘත්තිකයන් සම්බන්ධකර ගනිමින් එම වාර්තාව සකසන ලෙස ද මහ බැංකු අධිපතිවරයා දැනුම්දී තිබේ.
COMMENTS
ස්තුතියි, කලින් දැනුම් දුන්නාට... ෆයිල් හංගන මොන ආන්ඩුවක් තිබුණත් ජේ.ආර්., රනිල් න්‍යාය තමයි ක්‍රියාත්මක වෙන්නේ... කොමිසන් හරහා කල් මරලා සියලු දේ යටපත් කරන්න එල්ටීටීඊ නායකයා සිංහලයා ගැන කිව්ව දේ හරි...
මූල්‍ය හා ලීසිං සමාගම් බලපත්‍ර ලාභී බැංකු මෙන් නොව එම ආයතනවලට පමණක් සීමාවූ කළමනාකාරිත්වයක් ඇති අතර කළමනාකාරීත්වයට නම්‍යශීලී තීන්දු තීරණ ගතහැකියි. අවාසනාවකට එම තීන්දුතීරණ අක්‍රමිකතාවලට බරවුවහොත් එම අායතන බිඳවැටීම ආරම්භ වෙයි. නමුත් ඉතා හොඳ මූල්‍ය හා ලීසිං සමාගම් කීපයක්ද මේ අතර ඇත. නමුත් බොහෝ මූල්‍ය හා ලීසිං සමාගම් බිඳවැටෙන්නේ මෙවැනි ආකාරයේ යහපත් කළමනාකාරීත්වයක් නොමැති කමත් නියමයන්ට අනුකූල නොවීමත් නිසායි. එබැවින් ඉහත ආකරයේ කමිටුවක් පත්කර අක්‍රමිකතා සොයාබලා එවා ඉදිරියට ඇතිනොවීමටත් විශේෂයෙන් තැන්පතු සුරක්ෂිතතාව ඇතිකිරීමට කටයුතු කිරීමත් කාලෝචිතයි.
මූල්‍ය සහ ලීසිං සමාගම්වල ව්‍යාපාර කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී යම් නම්‍යශීලිත්වයක් පවතින බැවින් අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි...