
.(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැදගත් පිරිස් බිහි කරන බව පවසමින් ඇරඹූ මාලඹේ උසස් තාක්ෂණික ආයතනයේ තිදෙනෙකු 2018 වර්ෂයේදී එම ආයතනයෙන් ඉවත් වීමෙන් පසු ඒ ආයතනය සහ එහි අක්කර 25 ක ඉඩම යන දෙකම තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙස භුක්තියට ලියා ගැනීම බරපතළ වරදක් බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
මේ ගනුදෙනුව සිදුවී ඇත්තේ රාජ්‍යයට විරුද්ධව බවත් රටේ ජාතික සම්පත් උපක්‍රමික මෙහෙයුමකින් රජයෙන් ඉවත් කිරීම පිළිබඳ හොඳම කතාව ඇත්තේ මෙම සිද්ධිය පිටුපස බවත් හෙතෙම පැවසුවේය.
හේරත් මහතා මෙසේ පැවසුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තා සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
මාලබේ උසස් තාක්ෂණික ආයතනය සහ තවත් ආයතන ගණනාවක සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ඔහු මෙහිදී තොරතුරු අනාවරණය කළේය.
මාලඹේ උසස් තාක්ෂණික ආයතනයේ රාජ්‍යය සතු සම්බන්ධතාව ක්‍රමානුකූලව නිමාකිරීමට ආචාර්ය වික්‍රම වීරසූරිය මහතාගේ මහපොළ භාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු කටයුතු කළ බව පැවසූ හේරත් මහතා රාජ්‍ය සම්පත් මහ දවල් මෙලෙස රජයෙන් ඉවත් කිරීම බරපතළ වරදක් බවද ප්‍රකාශ කළේය.
මෙම මහා මෙහෙයුමට එළියේ සිටි අය වගේම ඇතුළෙ සිටි අයත් සම්බන්ධවී ඇතැයි මහාචාර්යවරයා පැවසුවේය.
COMMENTS
මෛත්‍රිගේ ගෙදර ප්‍රශ්නය ගැන මොකද වුණේ?
කොළඹ විශ්ව විද්‍යාලයටත් ඔය වගේම පරීක්ෂණයක් කළා නම් නරකද? ඒ ගැන කතාකරලා නම් වැඩක් නෑ...
වයඹ පළාතේ දැයට කිරුල සහ විශ්ව විද්‍යාල ග්‍රාමීය ව්‍යාපෘති විමර්ශණය කළ යුතුයි..
අනිවාර්යයෙන්ම රාජපක්ෂලාගේ කවුරුහරි ඕකේ උඩම ඇති... කොමිසමත් වෙන නමකින් ඇති. ඒ අය තමයි මේ රටේ හැම ගසාකෑමකම පුරෝගාමීන්...