(මුදිතා දයානන්ද )


ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පත් කිරිමට එහි විධායක සභාව තීරණය කර ඇති බව එම සංවිධානය අද  (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

 හරිනි අමරසූරිය මහත්මිය ජාතික ජනවේගයට අනුබද්ධ ජාතික විද්වත් සංවිධානයේ අධ්‍යාපන හා ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකාවකි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධානයේ ලේකම්වරියක ලෙසද ඇය කළක් කටයුතු කර ඇත.
 
පසුගිය පාලන කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකාවක් ලෙසද කටයුතු කර ඇත.
 
ශ්‍රී ලංකාවේ පරිවාස හා ළමා ආරක්ෂණ සේවා,, රාජ්‍ය සංවර්ධන ප්‍රතිපත්ති හා මානව සංවර්ධනය, තරුණ විරැකියාව හා ගැටුම් ස්ත්‍රී පුරුෂ භාවය, ළමා ආරක්ෂාව, ගෝලීයකරණ්‍ය හා සංවර්ධන යන ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකර ඇති ඇය කළක් ළමා ආරක්ෂාව හා මානව සංවර්ධනය පිළිබඳ උපදේශිකාවක් ලෙසද කටයුතු කර තිබේ.