(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා නැගෙනහිර පළාතේ වැලි රැගෙන ගොස් ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එස්. රාසමාණික්‍යම් මහතා කළ චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය.
පාර්ලිමේන්තුවේදී යම් අමාත්‍යාංශයකට හෝ ඇමතිවරයෙකුට විරුද්ධව චෝදනාවක් කරන විට තොරතුරු සහිතව ඒවා ඉදිරිපත් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
අමරවීර මහතා මෙසේ පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස් රාසමාණික්‍යම් මහතා මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා නැගෙනහිර පළාතේ වැලි රැගෙන ගොස් ඇතැයි පාර්ලිමේන්තුවේදී මෙයට පෙර කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
එවැනි කටයුත්තක් සඳහා අපේ රටේ කිසිම ස්ථානයකින් වැලි රැගෙන ගොස් නැතැයි පැවසූ අමරවීර මහතා එක්තරා පෞද්ගලික සමාගමක් ජල පෙරහන් සඳහා වැලි කියුබ් අටක් පසුගිය කාලයේ දී මාලදිවයිනට රැගෙන ගොස් ඇතැයි තමාට තොරතුරු දැනගන්නට ලැබුණු බවද ප්‍රකාශ කළේය.
ඒ රැගෙන ගොස් ඇත්තේද නැගෙනහිර පළාතෙහි වැලි නොවන බවද ඇමැතිවරයා කීවේය.
ජාතික අවශ්‍යතාව සඳහා වැලි ඝන මීටර් මිලියන 14ක හිඟයක් පවතින බව පැවසූ මහින්ද අමරවීර මහතා බැරි අවශ්‍යතාව ඝන මීටර් 55 ක් වුවද සපයා ගත හැක්කේ ඝනමීටර් හතළිස් එකක් පමණක් බවද පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd