IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


මුලතිව් පුරාවිද්‍යා කැණීමකට දෙමළ මහජන පෙරමුණේ විරෝධය

(ලක්ෂ්මී ජයකොඩි)

 

මුලතිව් , කුරුන්තූර්මලෙයි, ප්‍රදේශයේ පිහිටි ෂිවන් අයියනාර් කෝවිල පිහිටි බව කියන ස්ථානය පුරාවිද්‍යා කැනීම් සිදු කරන බව පවසමින් සිය ජනතාව ජීවත් වන එම ප්‍රදේශය සැලසුම් සහගතව රජය විසින් අත්පත් කර ගනිමින් සිටින බවට දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා චෝදනා කළේය.

 

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ එම ස්ථානය නිරීක්ෂණය කිරිමට ගිය අවස්ථාවේදීය.

 

හෙතෙම පැවසුවේ පුරාවිද්‍යා කැනීම් සිදු කළ යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු නිළධාරීන් පමණක් බවත් එසේ තිබියදි එවැනි කටයුතු සඳහා හමුදාව යොදවා ගන්නේ කවර හේතුවක් නිසාදැයිද යන්න දෙමළ මහජන නියෝජීතයින් වන ඔවුන්ට විශාල ගැටලුවක් බවත්ය.

 

එම නිරීක්ෂණ චාරිකාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවරාසා ගජේන්ද්‍රකුමාර් මහතා පැවසුවේ කුරුන්තූර් මලෙයි ප්‍රදේශය අවට ගම්මාන වල දෙමළ ජනතාව පාරම්පරිකව ජීවත් වන බවත් වර්තමානයේදි පුරාවිද්‍යා කැනීම් යැයි පවසමින් එම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම සිංහල ජනපදකරණයට ලක් කීරීමේ වෑයමක් පවතින බවත්ය.

 

එමෙන්ම ඉතා වටිනා කැළෑ ගස් රාශියක් කපා දමා ඇති බවට චෝදනා කළ මන්ත්‍රීවරයා මෙම ස්ථානය කවර ස්ථානයක්ද යන්න තීරණය කළ යුත්තේ පුරාවිද්‍යා කැනීම් අවසන් කිරිමෙන් පසුව බවද එහෙත් එයට පෙර මෙම කැළෑ ප්‍රදේශය විනාශ කර ගොඩනැගිලි ඉදි කිරීම කිසිසෙත් පිළිගත නොහැකි බවටද චෝදනා කර සිටියේය.

 

මහජන නියෝජීතයින් වන තමන්ට මෙන්ම තමන් සමඟ පැමිණි මාධ්‍යවේදීන්ට මෙම ස්ථානයට පැමිණිමට ආරක්ෂක අංශ විසින් බාධා කිරීම මගින් මෙම ස්ථානයේ රහසිගත ක්‍රියාවක් සිදු වන්නේද යන්න පිළිබඳ සැකයක් පවතින බව පැවසු ඒ මහතා ප්‍රදේශයේ හින්දු බැතිමතුන් දීර්ඝ කාලයක් තිස්සේ වන්දනාමාන කළ  දෙමළ ජනතාවගේ ඓතිහාසික උරුමයන් මෙයාකාරයෙන් විනාශ කර දැමීම හෙළා දකින බවද වැඩිදුරටත් පැවසීය.

 

කෙසේ වෙතත් මෙම පිරිසට ආරක්ෂක අංශ දන්වා සිටියේ නිසි අවසරයක් නොමැතිව රක්ෂිතය තුළට යාමට අවසර ලබාදිය නොහැකි බවයි.

 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේලවම් අඩෙක්කලනාදන්  මහතා ඇතුළු තවත් ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් සහභාගි වී සිටියහ.

 

කෙසේ වෙතත් අද (19) දිනයේ දි ජාතික උරුම ප්‍රසංග කලා ශීල්පි ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේ පුරාවිද්‍යා කැනීම් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව ආරම්භ කෙරුණි.

 



අදහස් (7)

මුලතිව් පුරාවිද්‍යා කැණීමකට දෙමළ මහජන පෙරමුණේ විරෝධය

Senarath Tuesday, 19 January 2021 08:47 AM

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක කැණීම් කරන්න දෙමළ ජාතික සංවිධානයෙන් අවසර ගන්න ඕනෙද? එහෙම නැතිනම් දැනට තියෙන කෝවිලට කළින් එහි තිබුණු බුදුපිළිම හමුවේවි කියලා බයයිද?

:       8       100

RaveendraTuesday, 19 January 2021 10:57 AM

සහතික ඇත්ත. පුරා විද්‍යා වටිනාකම් ඇති භූමි ප්‍රදේශ කැණීම් කටයුතු කිරීමට කාගෙන්වත් අවසර ගැනීමට කිසිසේත්ම අවශ්‍ය නැත.

:       4       78

ruwan Tuesday, 19 January 2021 09:16 AM

අනේ මන්දා අවුරුදු ගාණක් පාරම්පරිකව ජීවත් වූ මිනිසුන් මේ පුරාවිද්‍යාව දැකලා නැති හැටි... දැනුයි පුරාවිද්‍යාව නින්දෙන් නැගිටලා හොයන්නේ කැලෑ කප කපා..

:       6       17

BamunuarachchiWednesday, 20 January 2021 05:58 AM

ඉතින් මොකක්ද ඔබට තිබෙන ප්‍රශ්නය...? අපිට නම් අපේ ඉතිහාසය අපේ උරුම මතුකිරීම අපිට වටිනවා. එක වෙන පිටස්තරයෙකුට වටින්නේ නැහැ. ඔබ නමින් පමණද සිංහල..?

:       1       4

Prabha Tuesday, 19 January 2021 11:38 AM

සර් පත්තර බලන්නේ නැද්ද අපේ සිරිසේන මහත්තයා වගේ... ?

:       6       12

ruwanWednesday, 20 January 2021 04:01 AM

මම හිතන්නේ ගෝඨාභය මහත්තයා හෙට පත්තරේ වැටෙන්නේ මොකක්ද කියලා අද දන්නවා... ඒ නිසා බලන්නේ නැතිව ඇති..

:       0       0

වීරවිජේ Wednesday, 20 January 2021 06:59 AM

සෙල්වරාසා, එහෙනම් මෙහෙ පදිංචි වූ දෙමල්ලු ටික ඉන්දියාවටවත් යවන්නකෝ...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 798 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 921 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site