IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුලතිව් කැලයකින් කිලෝ 250ක අධි බලැති බෝම්බයක් හමුවේ

(සිතුම් චතුරංග)
           
මුලතිව්, කේපාපිලව් 11 වන ඉංජිනේරු බලකා කඳවුර ආසන්නයේ කැලෑ ප්‍රදේශයක තිබී කිලෝ 250 යුත් අධිබල බෝම්බයක් අද(06) සොයාගත් බව මුල්ලියාවේලි පොලිසිය කියයි.      
           
මෙලෙස පසුගිය යුද සමයේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ගුවන් හමුදා මිග් යානාවලින් මුදහරින ලද බෝම්බයක් බවට පොලිසිය සැක පළකරති.
           
ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරකට අනුව සොයාබැලීමේදී මෙම බෝම්බය හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
           
දිගින් අඩි තුන හමාරක් පමණ වන මෙම බෝම්බයෙහි කොටසක් ගැලවී පුපුරාගොස් තිබූ බවද කීය. පොලිසිය පැවසූයේ මෙම බෝම්බයෙහි කොටසක් පොළව අභ්‍යන්තරයේ පැවතීම හේතුවෙන් පුපුරා නොගොස් ආරක්ෂිතව තිබී ඇති බවයි.
           
සොයාගත් බෝම්බය සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණුවාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග යටතේ ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.
 
මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති. 



අදහස් (4)

මුලතිව් කැලයකින් කිලෝ 250ක අධි බලැති බෝම්බයක් හමුවේ

lakshman Friday, 06 September 2019 11:13 AM

පුපුරා ගියේ නැහැ. අවශ්‍යම කොටස මම පැදවූ යානයේ හිරවී තිබී හමුවූ නොදන්නා කෙහෙල් මල... අපිට වඩා

:       26       1

CHANDIMASunday, 08 September 2019 12:03 AM

හීනෙන් නෙමේ නේද ?

:       0       0

වීරවිජේ Friday, 06 September 2019 11:34 AM

අපේ නලුවෙක් නෙමේ... එලුවෙක්ට ඕකවත් විකුණලා ලංකාවට ලාභයක් අරන් දෙන්න බැරිද දන්නෑ..

:       2       8

chandima Friday, 06 September 2019 12:47 PM

ඡන්දෙ ලංවෙන්න ලංවෙන්න තව හම්බවෙයි. සමහරවිට ඡන්ද පොළවල් කිට්ටුවම නැතිනම් ඡන්දපොළවල් වලට යන පාරවල්වල එහෙම...

:       9       128

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site