මාලිගාවත්තේ ජනාකීර්ණ නිවාස පෙදෙසක (වත්තක) සිදුවු තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. තවත් 9 දෙනකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
ධනවතෙකු විසින් මුදල් ආධාර බෙදා දීමට යාමේදී ඇතිවූ තෙරපීමකින් මෙම කාන්තාවන් තිදෙනා මියගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.





(ඡායාරූප - ගයාන් අමරසේකර)
තවත් තොරතුරු බලාපොරොත්තු වන්න...
COMMENTS
කෝ.. දුරස්ථ භාවය..? ඒක තියාගන්න මොළයක් තිබිලා එපැයි... අනේ මන්දා...
කොළඹට ඇඳිරි නීතිය නේද? කොහොමද ඒක වුණේ?
මාලිගාවත්ත අයිති වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට නොවන නිසාත්.., එහි ඇඳිරිනීතිය පනවා නොමැති නිසාත්, සමාජ දුරස්ථභාවය අදාල නොවන නිසාත්, කොරොනා තුරන් කර ඇති නිසාත් මෙය නීතීවිරෝධී එක්රැස් වීමක් නිසා සිදුවූවක් නොවන බව සලකන්න..
සමාජ දුරස්ථභාවය ගැන කුමන කතාද?
මී උණද, මී මැස්මොරයද, හාර්ට් අැටෑක් එකක්ද?
මිනිස්සු දැන් අසරණ වේගෙනයි එන්නේ. එදාවේල පිරිමහන මිනිස්සුන්ට ඉතින් ගොඩක් අමාරුයි තමයි.
අධික දරිද්‍රතාවයෙන් පෙලෙන මිනිසුන්ට, අවදානම පෙනෙන්නේ නැහැ.. මුදල් බෙදා දුන්න ධනවතාට මීට වඩා ටිකක් දුරට හිතන්න තිබුණා. අපරාදේ අහිංසක ජීවිත..
තුන් දෙනෙක් මරාගෙන හෝ අතට ආධාර මුදලක් ලබාගන්න හැකි වුණා නම්, ඒක ලොකු දෙයක්. නේද?
තෙරපිලා මැරෙන එක මීට කලින් ලංකාවේ අහලවත් තිබුණු දේවල් නෙවෙයි.
නෝම්බි කාලේ මුස්ලිම් සල්ලි තියෙන අය නැතිබැරි අයට සල්ලි දෙනවා.. බඩුබෙදනවා. එ්වා සාමාන්‍ය දෙයක්.. එ්ත් මෙවර එහෙම කරනවා නම් අදාළ අංශ දැනුවත්කර ඔය වැනි සිද්ධියකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. හොරෙන් රැස්කර බොරු කියලා පොලිසියෙන් අවසර පත්‍ර දෙහිවලින් අරන් තමයි ඇවිත් තියෙන්නේ... පොලිසිය පී.එච්.අයි ග්‍රාමසේවක දැනුවත් කරා නම් නිසි වැඩපිළිවෙළක් යටතේ කවුරුත් නොමැරි ගෙනාව සල්ලි ප්‍රමාණය බෙදලා අවසන් කරන්න තිබුණා.. එ්කෙන් වුනේ රාමසාන් එක වෙනුවෙන් දානයක් විදියට සල්ලි බෙදන්න ආව මනුස්සයාටයි එයාගේ උදව් කරුවන්ටයි කුඩුවේ ලගින්න වුණා.
ඔය අස්සේ කොරෝනා කාරයෙක් එහෙම හිටියා නම් මොකද වෙන්නේ? මහා විනාශයක්.... කිසිම කළමනාකරණයක් නැතිකම තමයි මේ...
මේ වගේ ධනවතුන්ට ඕනෙ අර පරණ සිටුවරු පාරට සල්ලි විසිකරපුවාම දුප්පතුන් පොරකාලා සල්ලි අහුලනවා බලලා සතුටු වෙනවා වගේ බාලවර්ගයේ විනෝදයක් ලබාගැනීමටයි. ප්‍රදේශයේ දුප්පතුන් පල්ලියෙන් හෝ අසා දැනගෙන ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බාරකිරීම වගේ ක්‍රමයකට කරන්න තිබුණු අවංක චේතනාවෙන් කළානම්.. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි... එයයි බුදු වදන...
ඔය දරිද්‍රතාවයෙන් පෙලෙන කන්න නැති පීඩනයට ලක්වුන මිනිස්සු බාර් ඇරපුගමන් පීඩනය පිටකරගන්න පොරකාපු හැටි අපි දැක්කා. 19ක්ද කොහෙද රෝහල් ගතකළා. මෙතන තියෙන්නේ තණ්හාව... හොඳම උදාහරණයක් කියන්නම් සමහර පෝයවල් වලට සිල්රෙදි බෙදන පින්කම් සංවිධානය කරනවා අනුරාධපුරේදි මම ඇහින් දැකලා තියෙනවා උපාසක අම්මලා ඇඟේ තියෙන රෙද්දත් නැතුව පොරකන හැටි අර නිකං දෙන රෙද්ද ගන්න...
දෙයියෝ බලලා නෑ වගේ...
අවුරුදු 72ක් තිස්සේ ඇතිවුණු ගලාහැලෙන සෝචනීය කතාවේ මේ එක සිද්ධියක් පමණයි. මෙහෙම ගියොත් මෙවැනි සිද්ධීන් කොපමණ සිදුවෙයිද? කිසිම දෙවියෙකුට මෙය වෙනස් කල නොහැකියි. මිනිසාට පමණයි එම ගමන වෙනස් කළ හැක්කේ... එළියේ තිබුණු සෙරෙප්පුවල හිල් දැක්කහම පෙනෙන්නේ සීමිත මිනිසුන් කොටසක් අසීමිත ආර්ථික හානියක් ඇතිකොට මේ අහිංසක අසරණ මිනිසුන්ට කළ විපතයි. ලක් මෑණියන් සහ අයගේ දරුවන් සැඟවී හඬමින් සිටියි.