( දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)
රුපියල් කෝටි 50ක් පමණ වටිනා මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් නුවරඑළිය අඹේවෙල මිල්කෝ කර්මාන්තශාලාවේ කාමරයක ගබඩා කර ඇතැයි එම කම්හලේ කළමනාකරු මහින්ද දිසානායක මහතා පැවැසීය.
මහින්ද දිසානායක මහතා මෙසේ පැවැසුවේ රට පුරා පවතින හයිලන්ඞ් කිරිපිටි හිඟය සහ කිරිපිටි තොගක් සඟවා ඇතැයි කියන තොරතුරක් පිළිබඳව ඔහුගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
2017 වසරේදී ගොවීන්ගෙන් මිලදී ගත් දියර කිරි අඹේවෙල කිරි කර්මාන්තශාලාවට රැගෙන ගොස් ඒවා පිටි බවට පත්කිරීමේදී සිදුවී ඇති කාර්මික දෝෂයක් නිසා මෙම කිරිපිටි තොගය මෙසේ ඉවත් කිරීමට සිදුවී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.
මධ්‍යම පළාතේ කිරි ගොවීන්ට ගෙවිය යුතු මුදල් ගෙවීමකදී ඇතිවී තිබෙන ප්‍රමාදය ගැන ඔහුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙම මිලියන 500ක් වන මුදල හිරවී තිබීම නිසා මෙසේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි.
මේ පිළිබඳව මිල්කෝ සමාගමේ සාමාන්‍යාධිකාරී සුගත් මුණසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ රුපියල් කෝටි 50ක් වටිනා කිරිපිටි තොගයක් විනාශ වීම සාමාන්‍ය දෙයක් බවයි.
2017 වසරේදී ගොවීන්ගෙන් මිලදීගත් දියර කිරි කර්මාන්තශාලාවේදී කිරිපිටි බවට පත්කිරීමේදී යම්කිසි වරදක් සිදුවීම නිසා මෙම කිරිපිටි මිනිස් පරිභෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්වී යැයි ද මිල්කෝ සාමන්‍යාධිකාරීවරයා කීය.
රටේ හයිලන්ඞ් කිරිපිටි හිඟය තවත් මාස කිහිපයකින් මඟහැරී යනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
නියම කළමනාකාරිත්වයක්, දේශපාලන අතපෙවීම් නැත්නම් කෝටි ගානක් ලාබ ලබපු ආයතනයක්. මෙච්චර කිරිපිටි ගොඩක් අහක යනවා කියන්නේ කිරි ගන්න තැන ඉදල පිටි කරන තැන වෙනකම් කිසිම තත්ත්ව පරීක්ෂාවක් කරලා නැති නිසා.
කිරිපිටි මාෆියාව සල්ලි අත මිට මොලවල ගහන ගේම .
මිලියන 500 කිරි තොග විනාශ වීම සාමාන්‍ය දෙයක් නම් මේ ලොක්කට කොච්චර කොමිස් හම්බ වෙනවා ඇතිද කිරිපිටි සමාගම් වලින්. තොග හානි කරන්නයි, කාර්මික දෝෂ ඇතිකරන්නයි!!
මේවා නවත්වන්න මහාපරිමාණ කොමිස් ගසන්නන් පාවාදෙන්නන් දේශද්‍රෝහීන් ලෙස සලකා මරණ දඬුවම දෙන්න ඕන. නැත්නම් මේ හොරුන්ගේ පරදීසේ කවදාවත් හැදෙන්නේ නෑ
හරියට හරි. පරීක්ෂණයක් පවත්වා කොටි 50ක අපතේ යනතෙක් බලා සිටි අයට නඩු පවරා සේවයෙන් පහ කල යුතුයි. මේවා රජයේ ආයතන හරියට කරන්න පුළුවන් අයට භාර දෙන්නන බැරි නම් යන්න.
2017 ආණ්ඩු කරපු අයත් එක්ක තමා අනුර කුමාර හිටියේ
පහුගිය කාලේ පුවතක් තිබුනා වගේ මතකයි ඔය සමාගමෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසුයි කියන කිරිපිටි එක්තරා ආයතනයකට විකුණා ඒවා වෙනත් වෙළෙඳ නාමයකින් අසුරා නැවත වෙළෙඳපලට නිකුත් කරන ජාවාරමක් පිළිබඳව. මේ තොගයත් ඒ හා සමාන ගනුදෙනුවකටවත් ගොඩ ගැසුවාද? රාජ්‍ය කියන ලේබලය තුල දුෂණය කියන අකුරුත් කොහේ හරි ලියලා තියන බව හැමෝම දන්නා රහසක්.
ජාතික අපරාධ.....................
හයිලන්ඩ් කිරි පිටි විතරක් නෙවෙයි සියළුම හයිලන්ඩ් නිෂ්පාදන වලට තියෙන්නේ ලොකු ඉල්ලුමක් මේ මිල්කෝ ආයතනය නිවැරදිව පාලනය කරොත් ලොකු ආදායමක් ගන්න පුළුවන් ,