සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් වන මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කරගෙන ඇති බවත් ඊට ගෞරව කරන බවත් මලික් සමරවික්‍රම මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
තමා අමාත්‍ය ධුරය දැරූ සමයේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ සහ සේවා අපනයන 50% කටත් වඩා වැඩි අගයකින් වැඩි වූ බවත් එම කාලයේ දී සෘජු විදෙස් ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් ලැබුණු බවත් එහි සඳහන් වේ.
එම සෘජු විදෙස් ආයෝජනය ප්‍රමාණය වසර 40කදී ලැබුණු සමස්ත විදෙස් ආයෝජන වලින් 31% ක් යැයි ද එහි සඳහන් ය.
එම සමයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 36.4ක ව්‍යාපෘතිවලට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් ඒ තුළින් 94,000කට රැකියා අවස්ථා හිමි වූ බවත් එහි දැක්වේ.
මෙම පාර්ලිමේන්තු සැසිවාරය අවසානයේදී ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ද මලික් සමරවික්‍රම මහතා නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
055
COMMENTS
ඔන්න වෙලාවට ගෙදර යන මනුස්සයෙක්. ලොක්කවත් ඇදගෙන යන්න බැරිද ?
ඔය කියන දේවල් සිද්ධ උනානම් ආර්ථික වර්ධන වේගය 1% ට අඩු උනේ කොහොමද? නිකම් තවත් බොරු නොකර දැන්වත් යන්න.
ඔයා කියලා තියෙන සියලුම ආයෝජන අරක මේකට වඩා දේශපාලනයෙන් ඉවත්වීමෙන් රටට විශාල සේවයක් සිද්ද කරන්න අධිෂ්ඨාන කරගැනීම ගැන සතුටුයි.
සජිත් පැරදුනේ හොරු හින්දයි... සහ ස්වාමීන් වහන්සේ කෙනෙක්වත් ආදාහනය කරන්න බැරි තත්වෙට උතුරේ පන්සල් පත්කරපු නිසා... සහජීවනයේ වචන උඩු යටිකුරු කරපු නිසා...
අපේ රටට හොද කාලයක් උදවෙගෙන එනවා. අනික් කෙනාවත් පන්නා දැමුවනම් රට එක්සත් වෙනවා.
ගිලෙන නැවෙන් පැනයන මීයෝ කතාව මතක්වුණා. හැබැයි මේ පනින මීයන් තමයි පසුගිය මාස 3 ඇතුළත නැව ගිලෙන තැනට වැඩේ කරෙත්...
අපිට හිනා.
යූඑන්පී යේ පරාජයට මුල...