IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 05 දාට ගනී

නාවික හමුදා බාරයේ සිටි තරුණයින් 11 දෙනෙකු අතුරුදන් වීම සිද්ධිය පිළිබද නඩුව ඇතුළු නඩු කිහිපයක අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් තමන්ට මරණීය තර්ජන එල්ල වී ඇතැයි සදහන් කරමින්, ඊට වන්දි ලෙස රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා මැයි 05 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කළේය.

මෙම පෙත්සම් ඊයේ ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙණිය සහ එස්. තුරේරාජා යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අතර එහිදී පෙත්සම මෙදිනට සලකා බැලීමට නියම කෙරිණි.

නීතීඥ අචලා සෙනවිරත්න මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නිශාන්ත සොයිසා, කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කර ගැනීමේ ජාතික අධිකාරියේ සභාපති, අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගැනීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

නීතීඥ සේනක පෙරේරා මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කාරිය නීතීඥවරියකි. නාවික හමුදාව විසින් තරුණයින් කිහිපදෙනෙකු පැහැර ගැනීමේ සිද්ධිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව ඇතුළු තවත් නඩු ගණනාවක අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙත්සම්කාරිය පෙනී සිටින්නීය.

මෙම සිද්ධීන් සම්බන්ධ නඩු වලට පෙනී සිටීම හේතුවෙන් පෙත්සම්කාරියට ඇති වූ මරණීය තර්ජන සම්බන්ධයෙන් කොළඹ කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලි කළාය. ඊට අමතරව පෙත්සම්කාරියට ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කළාය.

තවද මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට පැමිණිලි කළාය.

එහෙත් මේ දක්වා පෙත්සම්කාරියගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා කිසිදු පියවරක් ගෙන නොමැත. මෙම තත්ත්වය තුළ පෙත්සම්කාරියගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද, තමන්ට සිදු කර ඇති තර්ජව සිද්ධීන් පිළිබද පැමිණීලි විමර්ශනව කිරීමට නියෝග කරන ලෙසද, රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටින්නීය.



අදහස් (1)

මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 05 දාට ගනී

Rata Perata Thursday, 18 February 2021 07:54 AM

20 වැනි සංශෝධනයෙන් පස්සේ නඩු තීන්දුව එන්නේ නන්දසේනගෙන්. ඒ තීන්දුව දුන්නෙ නැතිනම් නඩුකාරයොත් ගෙදර. හැබියි අධිකරණය විහිළු මඩුවක් කරගත්තෙත් ඒකෙ ඉන්න ගහලයොම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සැබෑ විප්ලවය මිනිසුන් මරා දැමීම නොවේ
2024 ජුලි මස 14 26 0

සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාව‍ට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රටේ ගොඩ නඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මහේස්ත්‍රාත්ගේ අත්සන හොරට ගැසු අධිකරණ සේවකයා මාට්ටු
2024 ජුලි මස 14 87 0

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සදහන් කරමින් , මහේස්ත්‍රාත


චීන සමාගමක කැණිමකදී ඇටසැකිල්ලක් මතු වෙයි
2024 ජුලි මස 14 163 0

කොළඹ වරයා පරණ ලේකම් කාර්යාලය අසල එස්.ඒ.ජී.කේ. දොරටුව අසල ඉදිකිරීම් සදහා චීන සමාගමක් විසින් කළ කැණීමකදී මිනිස් ඇට සැකිළි කීපයක් හමුවී ඇති බව කොළඹ වරාය පො


පැමිණිල්ල විභාග නොකළ සැරයන්ගේ වැඩ තහනම්
2024 ජුලි මස 14 388 0

කාන්තාවකට අතවර කළ බවට 119 මධ්‍යස්ථානයෙන් කුලියාපිටිය පොලිසියට ලබාදුන් පැමිණිල්ලක් විමර්ශන නොකළ බව කියන ජංගම සංචාරක රාජකාරියේ යෙදීසිටි සැරයන්වරයකුගේ


මුදල් වංචාවකට මාණ්ඩලික සැරයන්වරයෙක් අත්අඩංගුවට
2024 ජුලි මස 14 430 0

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැටුප් ලේඛන අංශයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 180 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපර


ට්‍රම්ප්ට තැබූ වෙඩිල්ලට ජනපති කම්පා වෙයි
2024 ජුලි මස 14 559 0

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසය


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 10 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 914 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1789 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site