ඩී.ජී.සුගතපාල
මිරිස්ස ධිවර වරාය පාරේ පදිංචි පුද්ගලයෙකුට අද(30)උදැසන යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
ධිවර වරායට යන පාරේදි වෙඩි තැබිම සිදුකර ඇති අතර ඒසමගම ප්‍රදේශවාසින් විසින් යතුරු පැදිකරු අල්ලාගෙන ඇතත් වෙඩික්කරු පලාගොස් ඇත.
වෙඩි වැදිමෙන් හෙට්ටිහේවගේ අමිල ප්‍රසංග හෙවත් සන් ෂයින් සුද්දා යන අයගේ අතකට තුවාල සිදුව ඇති බවත් ඔහු ප්‍රතිකාර සඳහා රෝහලට ගෙන ගියත් රෝහල් ගතව නැති බවත් ප්‍රදේශවාසින්ගේ පහරකැමට ලක්වු යතුරු පැදිකරු මාතර රෝහලට ඇතලත් කර ඇති බවත් පොලිසිය පවසයි.
වැලිගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලය නැති කරනවා කිව්වා මාස 3න්, පාතාලය වැඩි වුණා මිස අඩු වුනේ නැහැනේ...
මෙහි හරි වැරැද්ද අප දන්නේ නැහැ.ඒත්, වෙඩි තැබීම්, මංකොල්ල කෑම් ආදියේදී මෙන්න මේ විදිහට අල්ලා ගැනීම වැනි දේ සිදුකිරීමට හැකිනම් අපරාධකරුවන් මට්ටු වේවි.
අපි හිතුගේ ගෝඨා සර් අාපුවාම මේවා නවතීවි කියලයි... දැන් පොලිසිය බලාගෙන ඉන්නකොට නවත්තලා වෙඩි තියලා යනවා. අනේ අපොයි..!!!