(එෆ්.අස්ලම්)
යාපනය මිරිසුවිල්හි පුද්ගලයින් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඩුවම නියමව සිටි යුද හමුදා නිළධාරියෙකු ජනපති සමාව ලබා දීම පිළිබද දෙමළ ජාතික සන්ධානය අප්‍රසාදය පළකර සිටී.
දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරන්නේ මෙය රටේ වත්මන් තත්වය උපයෝගී කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ අවස්ථාවාදී තීරණයක් බවය.
2000 වසරේ දී යාපනය මිරුසුවිල් ප්‍රදේශයේදී පුද්ගලයින් 8 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ සැරයන් සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණය විසින් 2015 වසරේ දී මරණ දඩුවම නියම කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා (26) වැනිදා තමන්‍ට පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති සමාව ලබා දී සුනිල් රත්නායක මහතා නිදහස් කරනු ලැබීය. ඒ පිළිබඳ මාධ්‍ය වෙත දහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ බව කියා සිටියේය.
මෙම සිද්ධියේ වරදකරු වූ සුනිල් රත්නායක යන අයට ජනපති සමාව ලබා දී නිදහස් කිරීම දැඩි සේ හෙලා දකිනවා.මේ ආකාරයේ සිද්ධීන්ට අදාල නඩු විභාග නොවන අවස්ථාවක බොහෝ දෙනෙකු අභියාචනා ඉදිරිපත් කර තිබියෙදීත් ජනපති සමාව යටතේ නිදහස් කිරීමට සිටි එකම තැනැත්තා සුනිල් රත්නායක පමණද යැයි සුමන්තිරන් මහතා සඳහන් කර සිටී.
COMMENTS
මෙක සිංහලයාගෙ රට...
අනේ යන්න... අපේ අහිංසකයිනුත් මරාගත්තානේ...
ආ මේ ඉන්නේ... මම හිතුවා ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව.. පවතින තත්ත්වය හමුවේ රට තුල රණවිරුවන් කරන රාජකාරී කටයුතු අගය කරන්න නැතුව ඒ වෙනුවට ජාතිවාදය අරන් ආයිමත් මතුවෙලා.. අමතක කරන්න එපා මේ වෛරසයට ජාති ආගම් බේදයක් නැති බව...
මෙ තත්වය උග‍්‍රවිය හැකිය
කරුණා කරලා තමුන්නැහැ අපට කියනවද කලින් ජනපති උතුමාණන් වහන්සේ රෝයල් පාර්ක් එක්කෙනාට සමව දෙන කොට ඔහේ හිටියේ මේ ලෝකේ ද නැත්ද කියල...?
අවුරුධු 5 කුඩා දරුවෙකු ඇතුළුව 8 "බෙල්ල කපල" මරපු පුද්ගලයෙකුට නිදහස දීම දීන, නිහීන වැඩක්. ඔය තුප්පහි වැඩේ කරන්න කලින් "ඔහු රණ විරුවෙක්". නමුත් ඔහුට "මරණ දඬුවම" දිය යුතු පුද්ගලයෙක්. ඡන්දෙ ලඟ නිසා බයියො රවට්ටන්න කරපු වැඩක්,
සැබෑ ම රණවිරුවොත් අපකීර්තියට ලක්වීමයි වෙන්නෙ. මේ නිදහස් කිරීම මානව සංහතියටම කරපු නින්දාවක්.
හමුදාව දෙමල මිනිස්සු මැරුව කියල නඩු දානව LTTE එක සිංහල මිනිස්සු හා හාමුදුරුවෝ මැරුව... ඔය දේශපාලුවෝ කතා කරෙත් නැ නඩු දැම්මෙත් නැ... ඔය සුමන්තිරන්ලව මෙ රටින් තුරන් කරන්න ඔන... එතකොටයි මෙ රටෙි සිංහල දෙමළ සියළු ජාතින්ට එකමුතුවෙන් ඉන්න පුළුවන්...
මේන් අතුල කියන ජෙප්පා ෆෝම් වෙලා...
ළමයින්ගෙ බෙල්ලෙ සයිනයිඩ් කරල් එල්ලපු ඇන්ටන් බාලසින්හම්ගෙ බිරිය තාම යහතින් ඉන්නවා නඩු නැතිව. ඒක දැක්කෙ නැද්ද....?
අතුලගේ අදහස් දැක්වීම සම්පුර්ණයෙන්ම දේවේශ සහගතයි.
ආයි අමුතුවෙන් රවට්ටන්න දෙයක් නැහැ. බයියෝ හැමදාමත් බයියෝ තමයි.
හමුදා සේබලගේ ක්‍රියාව අනුමත නොකරමි. මෙය අපරාදයකි නමුත් දඩුවම මරණ දඩුවම උවත් මෙය සිදුවී තිබෙන්නේ යුද්දයේ ඉතා බියකරු වකවානුවකයි. සෙබලාගේ මානසික තත්වයද සැලකිල්ලට ගත යුතුයි. මගේ මතයනම් සමවැදීම වේලාසන වැඩියි.
ඇයි, මතක නැත්ද පොඩි දරුවන්ගේ ඇඟේ බෝම්බ බැඳලා ආමි එක ඉදිරියට එව්වා. මේකත් ඒ වගේ එකක් වෙන්න බැරිද? අනික කොහොමද සුනිල්ව විතරක් අඳුනා ගන්නේ? එක පැත්තකින් තියන්න.... මේක එල් ටි ටි ඊ පාලන ප්‍රදේශයක්... උන් දන්නවා මේ යුනිට් වල කමාන්ඩස්ලාව... එහෙම ට්‍රැප් කරා වෙන්න බැරිද... කොහොම උනත් රෝයල් පාර්ක් එක්කෙනාට සමාව දෙන කොට ඔයා හිටියේ මේ ලෝකේ ද නැත්ද කියල...? ඇමරිකාවේ කිසිම භටයෙක්ව කිසිම රටක අධිකරණයකට ඉදිරිපත් කරන්නේ නැහැ... එහෙමනම් රට බේරගන්න ඉදිරිපත් වූන අපේ සෙබළුන්ව ඇයි අපිට රකින්න බැරි??
අතුල , මේ මනුස්සයා මේක කලා තමුන් දැක්කද? සාක්කි දීලා තිබුනේ තවත් කොටියෙක් . පොලිසියේ 600ක් මරා දැම්මම ඔබට වේදනාවක් ඇතිවුනේ නැද්ද? ඇයි කොටි වෙනුවෙන් අඬන්නේ? පොලිසියේ කට්ටිය මැරුවේ රාජකාරි වෙලාවේදී . සුමන්තිරම් ඉතින් ගිනි අවුලන්න බලාගෙනමයි ඉන්නේ . එයාට වෙන මොකුත් වැඩක් නැහැ .