(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී ඉකුත් දා තමන්ට මිරිස් කුඩු එල්ල කළ සැකකාර මන්ති‍්‍රවරුන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ගාමිණී ජයවික‍්‍රම පෙරේදා මහතා අද (21) දහවල් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මන්ති‍්‍රවරයා නීතිඥවරුන් පිරිසක් සමග පැමිණ අද දහවල් 12.00 ට පමණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා එහි සිටි මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවසීය.
සිද්ධවුන මේ සිදුවීම පිළිබඳව ඇත්තේ විශාල වේදනාවක්. එදා කතානායකවරයා ඇතුලූ පිරිස සමඟ යද්දි එකවරම මෙම මිරිස්කුඩු ප‍්‍රහාර එල්ල වුණා. ඒ ප‍්‍රහාරය කෙලින්ම එල්ල වුනේ මගේ ඇහැට. ඇහැ වහගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. එම අවස්ථාවේ ඇස් වලට ඇති වු වේදනාව මෙතෙකැයි කියලා කියන්න බැහැ.
මිරිස්කුඩු වැදිලා තාමත් මගේ ඇස්වල පටලයක් වගේ බැදිලා තියනවා. පාර්ලිම්න්තුව කියන්නේ උත්තරීතර ආයතනයක් , එහිදී මෙවැනි දේ සිදුවීම පිළිබඳව ඇත්තේ ඉතාමත් කනගාටුවක්.
මම අද මගේ නීතිඥවරුන් සමග පැමිණියේ පැමිණිල්ල ඉදිරිපත් කරලා . මෙම සිද්ධිය සම්බන්ධයෙන් මම අධිකරණයට යනවා. මෙම සිද්ධියට සම්බන්ධ සියලූ චුදිතයන්ට අධිකරණයෙන් නඩුවම් ලබා දෙනවා යැයිද මන්ති‍්‍රවරයා වැඩිදුරටත් පැවසීය.
ඉකතු (16) වැදි දින පස්වරුවේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්තවයක් හමුවේ ගාමිණි ජයවික‍්‍රම මහතා වෙත මිරිස්කුඩු ප‍්‍රහාරයක් එල්ල වී තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිරිස්කුඩු සිද්ධියට ගාමිණී ජයවික්‍රමගෙන් පොලිස් මුලස්ථානට පැමිණිල්ලක්
Nirosh Wednesday, 21 November 2018 01:05 PM
මිරිස්කුඩුවලින් දැවිල්ල ඇල්ලුව වගේද? ජවිපෙ කලබල කාලෙ ඉස්කුරුප්පු ඇණ ගහපුවා... තව මදි මිරිස් කුඩු...
NalakaWednesday, 21 November 2018 08:18 PM
ජවිපෙ කවද්ද පාර්ලිමේන්තුව ඇතුලේ ඉස්කුරුප්පු ඇන ගැහැව්වේ?
Bamunuarachchi Wednesday, 21 November 2018 11:34 PM
පිනක් දහමක් කරගන්න කාලේ හරි නේද?